නාඩගම්කාරයෝ | Nadagamkarayo (Theme Song) by Sajitha Anthony

Sinhala song lyrics with music notes illustration

හසරක් නොපෙනෙන
මගදිග සපැමින
අයාලයේ ආ ගමනක්

බහුරූ කෝලම්
විසූක දස්සන
කතුරක් නොමැතිව
ඇසකන රවටන

මේක නාඩගම් මඩුවක්

හනි පනි ගාගෙන වැටුනු වලෙන්
ගොඩ එන්නට දගලන අතරේ

හනි පනි ගාගෙන වැටුනු වලෙන්
ගොඩ එන්නට දගලන අතරේ

කකුලෙන් ඇද යලි
වල මත රදවන
කකුලෙන් ඇද යලි
වල මත රදවන
වග වලසුන් ඇත නුහුරේ

මිනිසත් කම මිස
රුවගුන නොතකන
උත්තම ගුණ ඇති
බොසත් වරුනේ

මිනිසත් කම මිස
රුවගුන නොතකන
උත්තම ගුණ ඇති
බොසත් වරුනේ

ඔබ පෙන්වන් මග
දිගටම යනු හැර
ඔබ පෙන්වන් මග
දිගටම යනු හැර
අන්කිසි පිහිටක් නොපෙනේ

හසරක් නොපෙනෙන
මගදිග සපැමින
අයාලයේ ආ ගමනක්

බහුරූ කෝලම්
විසූක දස්සන
කතුරක් නොමැතිව
ඇසකන රවටන

මේක නාඩගම් මඩුවක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply