සීත සන්තෝසයේ | Seetha Santhosaye by Sajitha Anthony [2019]

ඉගිලී ගියා
දුර ඈත අක්ෂාංෂයේ
මිහිරක් උනා
මේ සීත අවකාෂයේ
හිත හිනැහුනා
සීත සන්තෝෂයේ…..

ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා…. දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා

නුවරු හිම කබා පොරවලා
සීත විඳගන්න මැළි වෙලා
මගේ සමණලිය තටු සලා
මාතුරුල්ලේ ගුලි වෙලා
හිනැහුනා… දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා

නාඳුනන දුර දේෂයේ
මං අඳුනන්නෙ මගෙ ආදරේ
ඉන්න මා තුරුලෙ මිහිරාවියේ
මේ සීත සන්තෝෂයේ……

ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා…. දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *