සදමාලී | Sandamali by Shana [2023]

Sinhala song lyrics with music notes illustration

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
ඉද්දි මඟහැරී ගියා වස්සානෙ
කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
මං ළඟට බැස්ස මෙ යක්ශනි
කුණුගොඩේ මැස්සා මං
තේරුම් ගත්තෙ පස්සෙ මං,
ඒත් මම පනපිටින් සඳමාලි..!
සිඳීයන සන්තකේ Salary නිවන් දකී
අනේ අනිච්චං සංසාරේ…!

සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන,
මගේ ලෝකෙ වටකරගෙන මට ගෙනා හීන,
දෙන්නෙක් එක්ක බෙදාගෙන කන්න උනා මගේ නෝනා,
හරියට ගුත්තිල මූසිල එකතු වෙලා වැයුවා වගේ වීනා..

ලෙඩ්ඩු ගැන හොයල බලල ලෙඩ කිව්වට දොස්තර,
මම උඹට ආදරෙයි කිව්වෙ හොයල නෙමෙයි විස්තර,
මේ.. ගෙවල් වලට කියමු කිව්වට ඒවා දැම්මා පහුවට උඹේ Address එකවත් කිව්වද බොල මං පුන පුනා ඇහුවට

පැනලා යමු කිව්වා
මමත් ගොනා වගේ ඇහුවා
පැනල ගියපු මුල් දවසෙ මම එලි වෙනකං බිව්වා,
උඹ රහට කෑව ඉව්වා උයලා අත උඩිම්ම තිව්වා
අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා..

උඹ තරුවක් කරලා
මාව පොලවට එවලා
අතර මැද කවි ලියලා දෙවියො ලොකු වරදක් කරලා…
ජීවිත කාලෙ පෙරුම් පුරලා ලඟට ගත්තෙ උඹව ඉඹලා
උඹ ගියා පැදුරටත් නොකියම මගෙ ආදරේ මඟ හැරලා..

උණුහුමට ආස මම දැං ඉන්නෙ හීතලේ..
මගෙ තනිය රැක්කෙ බයිට් එකයි සුරුට්ටුවයි බොතලෙයි..
කලාබරව හිටපු මම රැවටුණා උඹේ රැජිණට හිස්කෝප්ප වටේ තියන්
මං දැං කෙල්ලෙ ගෙදර යන්නෙ රුයිතෙට…

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම..

බස් එකේදි දැක්කෙ
දැකපු ගමන් වැදුනා බොක්කෙ
ඒකි පිලිවෙකට මුල ඉඳන්ම සෙම ඇරියනෙ හක්කේ..
අන්ද මන්ද උනා ඒකි බස්සපු ලොකු බෝලෙන්, මගෙ උකස් වීම පටන් ගත්තෙ කරේ තිබ්බ මාලෙන්,

කල් ගියා ටික ටික, දින ගෙවුනා එක දෙක, සුදු මුහුන, හුරතලය හැමදේම දැක දැක,
මචං උඹට කොහොම
මම කියල ඉවර කරන්නද පල් වෙලා ඇට්ටි ගැහිලා මචං චොර වෙනවා මගෙ දුක,

කෝටිපති බෑනා, මගෙ නැන්දගෙ සුදු බෑනා..
දුර ඉදන් හොට දානබව මට හොඳින් පේනා,
කාලකන්නි මහසෝනා අරන් ගියා මගේ නෝනා, මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් තට්ටු කරපං SHANA

ඔයා මගේ පන කියල
ඔලුව ඉඹලා සිංදු කියල
හිටපු එකී ගියා හොටු හූරපු ලේන්සුවක් තියලා
අපේ අම්මා බත් අනලා කටින් කට මට කවලා අහනවා ” කෝ පුතේ අර උඹේ සුදු නෝනා…?” කියල

දුකයි මචං ගොඩක්, වහ බොන්න හිතුනා අනන්තවත්, රට්ටු අහන ප්‍රශ්ණ වලට කෝබං දෙන්න උත්තර
ලැජ්ජාවේ සංතෝසයි, දාමත් මම තනිකඩයි, උඹ වගේම මාත් බලනවා මංගල කිංකිණි පත්තර

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම…

written by Shan

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply