in RUDEBOYRAY, Sinhala Rap

එකමත් එක ට්‍රැක් | Ekamath Eka Track Rataka by RUDEBOYRAY

මිනී ගඳයි මට මිනී මරන් මුන් විලි වහන්
ඔව් පිලි අරන් දැන් සිහි විකල් වී ගිනි අරන්
හිස්වුන හිතක් පිච්චුන බඩක් ඇස් නිදි වරන්
තොපි රටක් කියන් පස් ගොඩක් බදන් හිස් බිලි අරන් හිස් බිලි අරන්
ආදරයනන් පාදඩයි, ඔව්! ඝාතන සාධාරණයි
ලේ වලින් මත් වුනු පොළොවක ලේ හොයාගෙන උන් තවත් කෑදරයි
ඉස්සුවේ අත් හාමතයි, මං දැක්ක බොරුවම සාමයයි
උඹටත් මටත් වටිනාකමක් නැති රටක් තොපි හැදුවාට පාඩමයි මේ
ආයෙත් බෑ හීන මරන්න, මෙහෙ නෑ දැන් හීන මරන්න
ඉතිහාසය විකුණන් කන්න, ඉතිහාසයක් නෑ විකුණන්න
අභිමානයෙන් සිඟමන් යන්න, ආයෙත් අහසින් ඉල්ලන්න
එලොවක් නැති මෙලොවක් නැති ඊළඟ භවයක් මවාගෙන පිච්චෙන්න
දූවිලි වගේ පාවෙන ජීවිත, හීන මැරිලා පෑගිලා පීඩිත
කියපන් සතුටත් ඇයි සීමිත, තොපි නවලම දැන් ඇදවෙලා නීතිය
ජාතික වීරයන් පිරිලා ඇති, දේශප්රේමයෙන් ගිලිලා අපි
ජීවත් වෙන තුරුම අපි ජීවත් වෙන කුණු අපි මැරෙන්නෙ හොයලා දිවි

ඇටයි, හමයි, බඩයි ඇලවිලාත් පිට ට
විකුණලා වැටත්, හෙටත් පිටරට ට
වැටුණා මැරිලා තවත් එකෙක් පෝළිමක
මේ normal දිනක් එකෝමත් එක ට්රැක් රටක

ඇඩ් එක දාගෙන විකුණපන් දූපත උඹට මාකට් තැනක
ඇයි අවුරුදු පහකට සැරයක් කෙලවන රටකට ගෙවන්නෙ කරුම
අපි ආවේගෙන් අධිවේගෙ, කොච්චර පෑගුවත් මට මදි වේගේ
මං කොහොමද පැහැදිලි කරන්නේ මේ දේ
ගිනිගෙන ඇවිලෙයි රට Mayday
උඹලගේ ආශාවයි පරිකල්පනෙයි අතරයි ගැටුම
(ගැටෙන්නෙපා කවදාවත්)
උන් ආගම් හතරට බෙදනවා උඹලගේ ඔළුව
(බෙදෙන්නෙපා අපි මිනිස්සු)
මේ බහුතරය නෙමෙයි හැමතිස්සෙම හරි මතය

(නිවැරදි නෑ උඹලා ෆේල්)
තනියම ඉරනවා කොහොමත් රට වහගත් කළු සළුව
ගොඩක් උන් අනත මනත අතන මෙතන වැටි වැටි මහ පාරේ පෝලිමේ
පණත සම්මත කරගෙන අපි රට විකුණමු හෙට බෝහෝ මිලෙන්
නැත්තන් සුද්දට දෙමු නොමිලේ
මටත් ඕනේ හෙටක් උඹටත් ඕනෙ
ඒක හින්දමයි විකුණන්න ඕනෙ
ඒක හින්දමයි විකුණන්න ඕනෙ
හෙණ ගැහුවත් කියනවා මම ඇත්ත ඒක
උඹලා පුරවැසියොද? උඹලත් කෙරුවේ කෑවා මේක
මේක ගොඩගන්න බැරි උඹල කෙලින හින්දා තාම
අපි දුවන්නේ වමට උඹල දකුණට යද්දි
වෙනස ඒක

ඇටයි, හමයි, බඩයි ඇලවිලාත් පිට ට
විකුණලා වැටත්, හෙටත් පිටරට ට
වැටුණා මැරිලා තවත් එකෙක් පෝළිමක
මේ normal දිනක් එකෝමත් එක ට්රැක් රටක

විකුණන්න තියෙන දූපතක ඇඩ් එකක් චීන පත්තරේක ලහිපිටේ
පකිස්ථාන් හාලේ බත බැඳන් යන ගමන් ඉන්දියන් බස් එකේ
රාවණා syndrome පොරක් ටයි දාන් පම්පෝරි ගහනවා ඇම්ඩෙක් ට
කුණුහරුපෙන් බනිනවා කොන්දොස්තර බණ දාන් ඉතුරු ඉල්ලුව අම්මෙක් ට
බෝධිය වටේට රත්තරන් වැටවල්, වැඩි කරන් පව් ගාණට පිරිත් නූල් පොටවල්
ඇස් වහගෙන ඒත් ඇරගෙන කටවල්, # මේවා හෙණ ට්රැක් රටවල්
පන්දාහේ කොළ ඉල්ලුවා අල්ලට හිමියොත් බෝ ගහත් විකුණන් මාරු තියන්
යඛ්ඛ පුත්තු දිව්වා සරම කරට අරන් කොරහත් බිඳගෙන සාදු කියන්
කැම්පේන් ගේන හරක් බස් දාලා, සිරිපාදේ යන්න බැරි ඇයි මස් කාලා
ගොබ්බ රැළ ඝන, පාදිලි රැස් පාලා. ආතල්
නේ ගියොත් මකබෑවිලා හොස් ගාලා
කහින්න, බහින්න ණයට ඇඟ විකුණන් රට මැරුණම හදමු සොහොනක්
අනින්ට නිළමෙ අනින්ට රටේ එකාලටත් ගාණක් නැහැනෙ කොහොමත්
පින්කෙත හෙළ රණ් දෙරණේ යළි උපදින්න පතන්න තරම් ට්රැක් නම් උඹටත්
පිංඩපාතේ යමන් රෙද්ද උස්සන් කෙමිකල්
නැව් ඩොලර්වලින් බෙදනවා නම් බොටත්
“කාදිනල් ජෝකර්” අද එනවද ගහමුද
කැම්පේන් කරපු උන්ටම බෝම්බ දුසිමක්
නැත්තන් අරන් දෙමුද ඇයි විකුණලා වකුගඩු
පාර්ලිමේන්තුවටත් polygraph මැෂිමක්…?

written by RUDEBOYRAY

banner

Leave a Reply