මාලී සිහින කුමාරී | Mali Sihina Kumari by Athma Liyanage

මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

පවනේ රහසින්කො දුරා හද සසලන්නේ
උනුසුම් සුවදයී පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැඟවි නොපෙනී ඈ කොයි යාදෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

අදුරේ රහසින්සැ ලෙනා පිනි කදුලක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සද කිරනක් දෝ
මා දෑසේ මැවූ සේයා මායාවක් දෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

සමණලියා මනලොලියා | Samanaliya Manaloliya by Athma Liyanage

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සුරූපි කුමාරි සිනාසී
පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

විඩාලූ සරාගී
හිනාවේ හීය සිත බැඳූනා වේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

 

නෑ තවත් හිතක් | Na Thawath Hithak by Athma Liyanage

නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ

නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ වාගේ
හිත ඇහුවේ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි
පැතුවේම ඔබෙ සතුටයි
මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හඳ කොහේ අඳුරේ ගිලුනයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ
මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ වාගේ
හිත ඇහුවේ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි
පැතුවේම ඔබෙ සතුටයි

 

රෑ අහසේ තරු කැට | Raa Ahase Tharu Kata by Athma Liyanage

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා …තනිවේ සිතුවිලි සයුරේ දිලුනා

තරු එළියක් නිල්දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබේ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා ..

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා …තනිවේ සිතුවිලි සයුරේ දිලුනා

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැටඅතරේ රැදී ගිලෙනවා
සිතට දැනෙනවා

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා …තනිවේ සිතුවිලි සයුරේ දිලුනා
ලා …..ලා…..ලා ලා ….
ලා ……….ලා……..

 

හමුවි මා එදා | Hamuwi Ma Eda by Athma Liyanage

හමුවි මා එදා විමසුවා සැනසුනා
මා හදේ කුමාරී සැඟවුනා

හමුවි මා එදා විමසුවා සැනසුනා
මා හදේ කුමාරී සැඟවුනා

ඈ පහනකී මා දිවිමගේ
එළිය දී විහිදෙනා
ඈ නෙතු සළා මා හදවතේ
සතුට දී හිනැහුනා

ඈ කුසුමකී මා දිවිමගේ
සුවඳ දී විසිරෙනා
මා සෙනෙහසේ ඈ කිමිදිලා
හදවතේ පෙලෙනවා

කදු අතරේ | Kandu Athare by Athma Liyanage

කදු අතරේ බැදී මීදුම් පටල සේ

පියබා යද්දී අපගේ ආලේ ..

තැවුල් නිවා ගනු නිම්තෙර නොබලා

මිලාන වී යන අපගේ ආලේ
මිලාන වී යන අපගේ ආලේ…..

හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ

හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ

ඔබ අන්සතු ව්.. මා අන්සතු ව්..

නික්මී යමු අපි පෙම් මල් උයනේ
නික්මී යමු අපි පෙම් මල් උයනේ …..

කදු අතරේ බැදී මීදුම් පටල සේ

පියබා යද්දී අපගේ ආලේ ..

තැවුල් නිවා ගනු නිම්තෙර නොබලා

මිලාන වී යන අපගේ ආලේ
මිලාන වී යන අපගේ ආලේ…..

හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ

හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ
ඔබ අන්සතු ව්.. මා අන්සතු ව්..

නික්මී යමු අපි පෙම් මල් උයනේ
නික්මී යමු අපි පෙම් මල් උයනේ

 

 

 

රෑ අඳුරේ | Ra Andure by Athma Liyanage

හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ

රෑ අඳුරේ.. සයුරේ පාවී..
ඈත යාවී.. ඈත යාවී..
හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ

දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ
දෙවියනි ඔබේ සරණය ලැබී පිරවෙන්නේ මඩියයි අපේ

වෙරළේ පැලේ සොඳුරිය මගේ අයදින්නේ පිහිටයි ඔබේ
දෙවියනි ඔබේ සරණය ලැබී රැකදෙන්නෙ ජීවේ අපේ

සුළගේ සෙනේ රුදුරුයි වගේ ඔරුවේ රුවල් බිඳ වැටේ
දෙවියනි ඔබේ සරණය ලැබී ගෙනයන්න ගොඩබිම වෙතේ

සයුරේ ජලේ සැමදා මෙසේ දියවේදො අප ජීවිතේ
දෙවියනි ඔබේ සරණය ලැබේ කිසිදාක සැකයක් නැතේ

 

සිහින් සරින් | Sihin Sarin by Athma Liyanage

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

ආදරයේ වේදනාව
දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගේ හී වෙත
ඔබ නිහඬව බැන වදීවි
ඔබ නිහඬව බැන වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

ආදරයේ කඳුළු පළස
මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැන වදීවි
හීන් හඬින් බැන වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි