ඔබට නොහැක | Obata Nohaka by Centigradz

ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත….



අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති…..

හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට…..

ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *