in Punsiri Soysa

සුබාෂිනි ඔබ | Subashini Oba by Punsiri Soysa

සුබාෂිනි ඔබ මගේ නමට එවූ
ඇරයුම් පත ලැබුනා
මනාලියක වී සුබ නැකතින් හෙට
යනබව එහි තිබුනා
ඊයේ වෙනතුරු මට පෙම් බැන්දේ
ඔබදැයි සැක සිතුනා
ඔබේ චපලකම හදුනා ගන්නට
සිව්වසරක් ගෙවුණා

යාලු මිතුරු කැළ ඔබ ගෙන කීදෙය

ගැනා නෑ මා සිතුවේ
පාළු සිතට මගේ එළියක් ඔබගෙන්
ලැබ ගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර
නොයෙන බවයි කිවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක
ඔබමයි මට ලිවේ

සුබාෂිනි ඔබ මගේ නමට එවූ

ඇරයුම් පත ලැබුනා
මනාලියක වී සුබ නැකතින් හෙට
යනබව එහි තිබුනා

මංගල දිනයට ඇරයුම් කෙරුවත්

කෙලෙසද මා එන්නේ
පෙම්කල සිතකට වෛර කරන්නට
සිත නැ ඉඩ දෙන්නේ
සිතට වහල්වී මා හැර යන මුත්
නැ දොස් පවරන්නේ
ඔබවැනි ළදකට පෙම්කල මා ගැන
මම අද දුක්වෙන්න්නේ

සුබාෂිනි ඔබ මගේ නමට එවූ

ඇරයුම් පත ලැබුනා
මනාලියක වී සුබ නැකතින් හෙට
යනබව එහි තිබුනා
ඊයේ වෙනතුරු මට පෙම් බැන්දේ
ඔබදැයි සැක සිතුනා
ඔබේ චපලකම හදුනා ගන්නට

සිව්වසරක් ගෙවුණා

banner

Leave a Reply