මේ බස් නැවතුම | Me Bus Nawathuma by Punsiri Soysa

Sinhala song lyrics with music notes illustration

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ ඉඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

ප්රේමය නිමවුණ මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනේ ඉඳගෙන යනවා

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply