හිතේ උපන්නී | Hithe Upanni by Amisha Minol [2023]

Sinhala song lyrics with music notes illustration

රූබරියේ දිලෙනා
නිල් සඳ රැස් විහිදා
මා හා හිත් අහසේ ආවා පායාලා
මේ අත් අල්ලාලා ඉන්නම් ළඟට වෙලා
තුරුලේ දෙනුවන් පියෙනා

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී

වාරම් ගයන්නී – තාලම් වයන්නී
කෝලම් කරන්නී ඈ රුවත්තී
ළමැදේ ලගින්නී – ශෝකය නිවන්නී
සැනසුම් සදන්නී මා සිතැත්තී

හේ… ලස්සන කෙල්ලේ
ඔයා දැක්ක දා ඉනාවක් දැම්මා මල් වාගේ
ම්… ඔය රූපේ මගෙ හිත් පතුළට වැදිලා
මකන්න බෑනේ
දැන් මගෙ අතේ ගිටාරේ එන්න
මං වයන්නම් ඕන ඕන තාලේ
පන්සිළුගේ වීණාවට දෙවෙනි නෑ දැන්
මං වයන්නේ ආසම තාලේ
දැක්කම දෙනුවන් ඈ, සිත් අහසෙම පායපු සඳකි ඈ
මාගේ හිතේ ඔයා Trending 1 ඈ, කෝලම් කළ ඇස් දැක්ක
රාගෙන් මත් වුණු මගෙ හිතම දැව්වෙ ඈ.

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී //

written by Lasitha Jayaneththi Arachchige

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply