වීදුරු දෑසේ | Weeduru Dase by Supun Perera [2023]

Sinhala song lyrics with music notes illustration

කවුලු හැර පාලු මහදේ එනකන් බලා
යාලු හිත වාරු ගෙන මා සඟවා තියා
හීන බොඳ වෙච්ච දිවියේ
ධූමයට එක්ව අඳුරේ
ආදරේ මතක අතරේ හෙව්වා රහ

වීදුරු දෑසේ දිස්නය මාගේ
හද පතුලේම තැන්පත් කරලා
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා

ප්‍රේමයට නූපදී නම් සංවේදනා
පාවෙලා යන්න තිබුණා පෙම් චාරිකා
වින්ද රස භාව නවතා
යන්න හිතුවාද හඬවා
නැද්ද දැනුනේම පෙරදා මේ ආදරේ

වීදුරු දෑසේ දිස්නය මාගේ
හද පතුලේම තැන්පත් කරලා
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා

written by Lasitha Jayaneththi Arachchige

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply