තවපාරක් හමුවි | Thawaparak Hamuvi Hinahi by Sudeera Dilshan

Sinhala song lyrics with music notes illustration

තව පාරක් හමුවී හීනැහී
ගවුගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි

හිමිකම් නැති හීනෙක ගොළුවී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමිනම් හමුවේවී
නැතිනම් වෙන් වේවී

මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ

ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නෙ
පසුවදනක් නැවත තියා

අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගතවෙ නවා

මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගවුගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවත් නැති මේ ජීවිත
ගමනේ මගක එදා
හමුවී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා

written by Udesh Aryan

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply