රූනාවියේ | Ruunaviye by DKM ft. YAKA [2018]

මතකයන් වල සිර වෙලා
සිහිනයක මං තනි වෙලා
අදහස් වූයේ නුඹමයි රූනාවියේ
රාත්රියකදි දිලිසෙනා
නුඹේ සෙනෙහෙට පෙම් කරා, එයි, එයි
නුඹ සිහින ලොවෙන් ආවාදෝ රූනාවියේ

මගේ හද පුරවා
නෙතු යොමු කරලා
ඇයි දෝ මා තනි කළේ?
මුව සිප ගන්නා
මතකය රඳවා
ඇයි දෝ මා හැර ගියේ? යේ, එයි

රූනාවියේ
පැවසූ ලෝකයේ
මා සිරවී මුමුණන්නේ
කුරිරුයි ආදරේ
මා වෙනුවට නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි
කවදා හෝ නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි

මතකද? හැන්දෑවක මා
ගී ගයමින් පෙම් කළා
ගීතයකට ලියැවුණු ඇය රූනාවියේ
සීතලින් ළය මඬලෙ හා
වෙලෙමින් උන්නා වූ දවසේ
වැටහුන් නැතිදෝ ඒ ආලය රූනාවියේ?

මගේ හද පුරවා
නෙතු යොමු කරලා
ඇයි දෝ මා තනි කළේ?
මුව සිප ගන්නා
මතකය රඳවා
ඇයි දෝ මා හැර ගියේ? යේ, එයි

රූනාවියේ
පැවසූ ලෝකයේ (පැවසූ ලෝකයේ)
මා සිරවී මුමුණන්නේ (මුමුණන්නේ)
කුරිරුයි ආදරේ
මා වෙනුවට නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි (වෙන කෙනෙකුගේ)
කවදා හෝ නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි

රූනාවියේ (රූනාවියේ)
ඇයි දෝ මා හැර ගියේ? (හිමිකාරියේ)
රූනාවියේ (Ooh)
ඇයි හැර ගියේ?

රූනාවියේ
පැවසූ ලෝකයේ
මා සිරවී (මා සිරවී) මුමුණන්නේ
කුරිරුයි ආදරේ (කුරිරුයි ආදරේ)
මා වෙනුවට (මා වෙනුවට) නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි (Yea, yea-eh)
කවදා හෝ (කවදා හෝ) නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි (Yeah-eh)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *