කදුළු | Kandulu by DKM ft. Kaizer Kaiz [2020]

Sinhala song lyrics with music notes illustration

සිරවී සිටිනේ ජීවිතයේ
නුබ රුව මැවී මැවී ඇවිලෙන්නේ
දුක නැති මග සොයනා කාලෙක
අප දෙදෙනා වෙන් උනේ
මග හැරුනූ ඒ දවසට යන්නයි
මා පැතුවේ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇගේ රුව මා දකිනා දවස
පලවෙනි ලියුම කියූ දවස
පලවෙනියට සිපගත් දවස
මතකෙට ආවේ අදද

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇත්තක් වහන්න බෑ
දැම්මත් දාහක් මුඛවාඩම්

ලස්සනම දේවල්
ඉගැන්නුවේ කැත පාඩම්

අපේ අතීතෙට මට
එකපාරක් යන්නට හැකිනම්
උඹේ හිනහව ගෙනත් දෙනවා
කෙල්ලේ ආයේ නාඩන්

මගේ හිත දිනුවට
දුකද මම දුන්න සහතිකේ
සමාවෙයන් කෙරුවට
සෙනෙහස ගාතනේ

රට්ටුන්ට තොරණක් වෙලා
අපේ මේ ජාතකේ
උන් ඒ එලියෙන් සතුටක් ලබද්දී
අපි තාමත් කලුවරේ

නුඹ ගැන
මම ලියූ හැම වදනක්ම
මතක් වෙන නිසා කෙල්ලේ
උඹේ හැම අගලක්ම

හදාගන්නම් මම
මගේ අතින් උන වරදක්ම
නුඹේ සතුට විතරයි
මට ආයේ වැදගත්ම

ආදරේ නම් හිත
සනසපු වචනේ

උඹ අකුරක් ලිව්වත්
මම උනා නේද මකනේ
ආයේ සමාවෙලා
තුරුලු වෙලා මේ සීතලේ
මූන බලන් කියපන්
නුඹේ අවසන් තීරනේ

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply