ප්‍රේමයේ මුලකුරු | Premaye Mulakuru by Nipuni Herath [2020]

නින්ද යන්නැති ගොඩක් රෑවල
හිතට ඇවිදින් මතක දුන්නේ
නෙතට තනියට කඳුලු දුන්නේ
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ

නාභිනික්මන ලැබුව දා පුතු
සිනා කඳුලක් නැඟුණ දා නෙතු
කිරි සුවඳ විඳිනටද මත්තෙන්
රාගයේ වැට කඩුලු බිඳිමින්
මෝහයේ ගිනි සිළුව නිවමින්
ද්වේෂයේ කලු වලා දෙඅතින්
මෑත් කර නේරංජනාවෙන්
එපිට ලෝකය දිනා ගන්නට
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ

ගෝතමී ලෙස නොම හඬන්නට
පටාචාරා මෙන් දුවන්නට
හේතු කාරණ මටත් එමටය
රම්‍යයේ සුවිසල් ද්වාරෙන්
සුරම්‍යයේ රන් කවුලු අතරින්
සුබ මාලිගේ නිවි පහන දවමින්
සසර එතෙරට මග සොයාගෙන
මා ද නුඹ හා රැගෙන යනු මැන
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *