ඇය එන තුරා | Aya Ena Thura by Krishan Perera [2012]

සඳක් ඉඟි කර ගියා
හිතේ පෙම් කවි ලියා
මටත් එන්නට කියා
බල හිටියා එයා
දුරක් යන්නට සිතා
ගියත් මා ඇය සොයා
අතින් අල්ලන් එයා
මගක් වෙනකන් ගියා

ඈ යලි ඒවිදෝ කියා
මුවින් සුසුමක් ගිලිහුනා
අද මන් මග බලා
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..

සිතින් මම තනි වෙලා
නෙතින් කඳුලැලි සලා
හඬන්නට සිදු වෙලා
එයා එන මග බලා
සොයන් ආවත් එයා
පැතූ පැතුමන් දමා
දුරස් වේවිද කියා
හිතන්නට බෑ සදා

ඈ යලි ඒවිදෝ කියා
මුවින් සුසුමක් ගිලිහුනා
අද මන් මග බලා
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *