ඇයි දෝ කොයි ලෙසින් දෝ…
රැඳෙන්නේ ඔබ හා…
නැතිදෝ නොවැටහෙයිදෝ ආදරේ විමසා …
සිර කලා ඔබ මගේ සිත යට ආදරේ අවුලා…
සුසුම් පොදකට කඳුළු තවරන මාරුතේ කළඹා…
ඔබේ හිමි තැන බැඳුණු ඒ පෙම නීතියේ ලියලා…
අතැර ඒ ලොව මා පතන්නේ
ජීවිතය ඉල්ලා
සිර කලා ඔබ මගේ සිත යට ආදරේ අවුලා…
සුසුම් පොදකට කඳුළු තවරන මාරුතේ කළඹා…
ඔබේ හිමි තැන බැඳුණු ඒ පෙම නීතියේ ලියලා…
අතැර ඒ ලොව මා පතන්නේ
ජීවිතය ඉල්ලා
ඇයි දෝ….
සැනසුමේ මා මෙතෙක් හෙව්වේ ජීවිතය විඳලා…
දුකක් දෙන්නේ සතුට වෙනුවට ආදරය යැදලා…
නිමක් නැහැ මේ රිදුම් දෙන්නේ පසුපසම සොයලා…
හෙටක් දෙන්නට ගිවිසුමක් දී
අද දිනක් නැතුවා…
සැනසුමේ මා මෙතෙක් හෙව්වේ ජීවිතය විඳලා…
දුකක් දෙන්නේ සතුට වෙනුවට ආදරය යැදලා…
නිමක් නැහැ මේ රිදුම් දෙන්නේ පසුපසම සොයලා…
හෙටක් දෙන්නට ගිවිසුමක් දී
අද දිනක් නැතුවා…
ඇයි දෝ…..
පැරදුනේ නෑ සිතක් රිදවා මෙතෙක් මා මතකේ…
දිනන්නට බෑ ඔබව පරදා සිතින් නම් මාගේ…
සුවය නැහැනේ පරාජිත නම් ආදරේ වින්ඳේ…
නිමක් වෙන්නට පටන් ගත්තේ
නෑ අපේ සෙනෙහේ…
පැරදුනේ නෑ සිතක් රිදවා මෙතෙක් මා මතකේ…
දිනන්නට බෑ ඔබව පරදා සිතින් නම් මාගේ…
සුවය නැහැනේ පරාජිත නම් ආදරේ වින්ඳේ…
නිමක් වෙන්නට පටන් ගත්තේ
නෑ අපේ සෙනෙහේ…
ඇයි දෝ….
Song Summary
This song is an emotional reflection on love, confusion, and quiet suffering, expressed through longing questions and inner conflict.
Song Meaning
The song explores a painful love where feelings are deep but unresolved. The singer questions why the bond exists, why love remains unclear, and why it brings more pain than comfort. Love has taken control of the heart, mixing sighs, tears, and restless emotions, while fate and unspoken rules seem to bind the relationship beyond escape.
The narrator searches for peace through love but repeatedly finds sorrow instead of happiness. Despite enduring emotional wounds, they admit they cannot defeat or abandon their love, even when it causes loss. Love is not a victory or a defeat, but something that quietly consumes life itself. Ultimately, the song portrays love as powerful yet cruel—something that promises tomorrow while taking away today, leaving the heart trapped between hope, pain, and unanswered questions.