මුතු මාල හතක් | Muthu Mala Hathak by Chandana Liyanarachchi

මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම්

මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම්

බාලයේ බැඳි ආලයේ සුවඳ වී ගම්මානයේ
මා දෑතෙ එල්ලිලා දුව පැන්න අයුරු එදා
මතකයේ රුදුණේ හද ගී ගැයුනේ

මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම්

සාරකෙතේ පීදෙනා වී කරල් නැළවෙන නියා
ඔබ යනෙන තාල දිහා නෙතු බලා සිටිමි අයා
සතුටේ සිනා මුවග රැදෙන්නා

මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම්

මියයයිදෝ මන්දා | Miyayaido Manda by Chandana Liyanarachchi

මියයයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

සුරඟනක රුව මැවුනී
හදවත කඩා වැටුනී
ආදරේ දැණුනී
උමතුවට හැරුනී

මියයයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

දින සති මාස ගෙවුනී
ආදරේ දෝර ගැලුනී
සැම මුවග රුඳුනී
නුඹ නැතිව හැඬුනී

මියයයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

නීල අහසේ වලාවන් | Neela Ahase Walawan by Chandana Liyanarachchi

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ
සැනසිල්ලේ දොඩයි පෙම්වතුන්
මල් හා බඹරුන් සේ ළංවෙලා
කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ
සැනසිල්ලේ දොඩයි පෙම්වතුන්
මල් හා බඹරුන් සේ ළංවෙලා
මෙය දෝ සැබෑ ආදරේ

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

තුන් යාමයේදී තනි වූ ලොවේ
කිමිදේවි සිනා සාගරේ
පැතුමන් බොඳවී සුසුමක තනිවී
යෞවනයේ හඬයි පෙම්වතුන්

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

නෙතින් ගලා යන | Nethin Gala Yana by Chandana Liyanarachchi

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

ඔහුට පුදන්නට පිවිතුරු පෙම් බස්
තවමත් ඔබ ලඟ ඇත්ද ලයේ
මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ
ඔබ කී පෙම් බස් සිත පාරයිද ලඳේ

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

ඔබ ගියදා සිට අදටත් සිත ළඟ
දහසක් පෙම් මල් පිපී වැඩේ
ඒ වගෙ මල් වල පහස විඳින්නට
තවමත් මගෙ සිත බයයි ලඳේ

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

නිදි යහනට හෝ | Nidi Yahanata Ho Awidin by Chandana Liyanarachchi

නිදි යහනට හෝ ඇවිදින් යන කොට
කොහොම හිතන්නද මගේ නොවෙයි කියලා
අද හවසටවත් දකින්න ඇත්නම්
අනේ ඔබයි සඳ දෙව්ඳුව කියලා
මගෙ හිත හයියෙන් හැඬුවා
තැන තැන ගොස් සෙව්වා
ඒත් ඉතින් හිමි නොවනා සිහිනය ආදරය විතරයි
ආදරය විතරයි

පෙති පොඩිකර කර අතේ තියෙන මල් විසිකෙරුවා
හුස්මක් හුස්මක් ගානේ ඔබ ගැන මං හිතුවා
මට බෑ ඉන්නට ඔබෙන් වෙන්වෙලා
මගේ ලොවම හෙට සඳ නැති අහසක් වගේ වේවි
මගේ රත්තරන් ඔබටත් මා නම් නැතිවේවි

සෙනෙහස කවි කර ලුයූ කොල මිටි ගුලි කෙරුවා
දවසක් දවසක් ගානේ තනියම නිදි මැරුවා
තවමත් නෑඔබ මගෙ යැයි කියලා
එහෙම වුනොත් එක මොහොතක්වත් මම ඉන්නෙම නෑ
කොහොම වුනත් මං නැතිව ඔයාටත් ඉන්නට බෑ

නිදි යහනට හෝ ඇවිදින් යන කොට
කොහොම හිතන්නද මගේ නොවෙයි කියලා
අද හවසටවත් දකින්න ඇත්නම්
අනේ ඔබයි සඳ දෙව්ඳුව කියලා
මගෙ හිත හයියෙන් හැඬුවා
තැන තැන ගොස් සෙව්වා
ඒත් ඉතින් හිමි නොවනා සිහිනය ආදරය විතරයි
ආදරය විතරයි

ඔබ හිමි නැති බව | Oba Himi Nathi Bawa by Chandana Liyanarachchi

ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියේ
අහිමි ඔයා පතලා වේදනා වැඩි වෙයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

ඉවර වුනත් අඬලා මගෙ නෙතු සැහැල්ලු වෙයි
හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

නිල්වන ලන්දේ | Nilwana Lande by Chandana Liyanarachchi

නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

තනි යහනේ නෙත නිදි නොයෙන්නා
මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
කවියක්සේ සුළඟට ගියාදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

තහනම් දෝ ප්‍රේමය නපුරු දෝ
මං මුලාවී පිං මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

ඔබ කුමුදිනියක් වී | Oba Kumudiniyak Wee by Chandana Liyanarachchi

ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
මම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්
මම වෙරළ වාගේ නොපැලී ඉන්නම්

හද වේදනාව රිදවන මොහොතේ
මම ඔබ ගැන සිහිකර සැනසෙන්නම්
මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ
සුව සිහිනෙක ඔබ ලගම රැදෙන්නම්

ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
මම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්
මම වෙරළ වාගේ නොපැලී ඉන්නම්

මගේ නෙත් යුග ලග කඳුලක් වීලා
ඔබ කවදාවත් රිදවන්නෙපා
මා ඔබ ගැන පැතූ පැතුමන් සිඳලා
ඔබ තවත් සිතක තනිවෙන්න එපා

ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
මම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්
මම වෙරළ වාගේ නොපැලී ඉන්නම්

පමා වැඩියි ඔබ | Pama Wadi Oba by Chandana Liyanarachchi

පමා වැඩියි ඔබ පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මා
ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී

ඔබ සිනාසිසී එන වසන්තෙකී
ඇය මුලාවකී ගිම්හානයකී
සිත නිරතුරු පසු තැවෙනා
ඔබ සුවඳකි මන බඳිනා

ඇය අමාවකේ රළු අහස මෙනී
සොමි සදන නිතී ඔබ තාරපතී
ඇය නියඟෙකි හිත දවන
ඔබ නිල්මිණ සේ දිලෙනා

ඔයා දුරස් වෙලා කියලා | Oya Duras Wela Kiyala by Chandana Liyanarachchi

ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ
ඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑ
ඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑ
ඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑ
මට අමතක නම් නෑ

සිනා පොකුරු මල් පිපිච්ච දොතොල ගොලු වෙලා
ආදරයෙන් දුරක ගියපු ඇස් නපුරු වෙලා
තුරුලු වෙලා සිහින මවපු තැන් මතකයන් වෙලා
මටත් හොරෙන් තනිකමටම මං අවනතම වෙලා

ඔයා දුරස් වෙලා කියලා ….

ඉස්සර වගේ නුඹේ සුවඳ සුළඟ ගෙනල්ලා
විදිමි හඩමි නුඹෙයි මගෙයි අතීතෙට වෙලා
නෙතට සිතට කදුල දැන් හුරු පුරුදු වෙලා
ඔයා නිසා ජීවිතයම මගෙ කලුවරම වෙලා

ඔයා දුරස් වෙලා කියලා ….