පායන්න සඳ සේ | Payanna Sanda Se Oya by Chandana Liyanarachchi

පායන්න සඳ සේ ඔයා
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා
බැස යන්න එපා සඳ නිසා

හොරැහින් එබිලා තුරුලේ රැඳිලා
මතකය ඔබේ ආදරේ
කිසිදාක මැකිලා නොයන් සොඳුරියේ
මං ආදරෙයි පණ වගේ

පායන්න සඳ සේ ඔයා
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා
බැස යන්න එපා සඳ නිසා

කඳුලින් පිරුණු කඳුලින් පෙඟුණු
මගේ ජීවිතේ ඔයා
පහනක් සේ එළිය කළේ මං
සඳමාලියේ ඒ ඔයා

පායන්න සඳ සේ ඔයා
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා
බැස යන්න එපා සඳ නිසා

පෙම් පණිවිඩයේ | Pem Paniwidaye by Chandana Liyanarachchi

පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා … වේදනා

පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා … වේදනා

රෑ සඳ එළියේ පිපුණු සමන් මල්
පෙති විසිරී පරව ගියා
දෙතැනක තනියෙන් හිදිනා හැටි බලා
කම්පා වුණු සඳු ගිළුණා අඳුරු වුණා

පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා … වේදනා

දූතයක් වගේ එව්වේ ඇයි ඔබ
මා හමුවේ වත සඟවා
මා හඬවන්නට ඔය සිත දරුණුද
නොසිතූ ලෙසින් සමුගත් දා
වෙන් කෙරුණා

පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා … වේදනා


පෙම්බර හිතකට | Pembara Hithakata by Chandana Liyanarachchi

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

මගේ සිත ළඟට හොරෙන් ඔබේ සිත ගෙනා ඉනාවා
දෙනෙතේ නුරා කැළුම් දැක සිත පෙමින් බැඳේයා
ආදරයේ හැඟුමින් මගේ සිත මුකුලිත වේ නම්
ලෙන්ගතුකම ගැන කියන්න හදනා රහස දනී මං

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

මල වට බඹරිඳු මෙන් මගේ සිත ඔබට බැඳේ නම්
සෙනෙහස පිරුණු සිතින් කළ ඇරයුම පිළිගන්නම්
ඔබේ මුව සරසන සුපෙම් හිනාවට හද කැලමේ නම්
පායා එන්න මගේ මැදුරට පුරහඳ ඔබ නම්

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

පිපි මල් දෙකක් | Pipi Mal Dekak by Chandana Liyanarachchi

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ…

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

අද මා රිදේවී කුලුදුල් නිසා
නුහුරුයි ඔබේ මේ රිදවුම් කතා
ඇයි මා මෙසේ කදුලක් උනේ
මෙය වේද ප්‍රේමාදරේ

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

ගිය දේ ගියාවේ මුමුනයි යලී
පෙර සේ හිදිම් පැනයක් නැගී
කොහෙදෝ ඔබේ පිවිතුරු චේතනා
වැලලීද නටබුන් ලෙසේ

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

පොල්රුප්පාවේ | Polruppawe by Chandana Liyanarachchi

පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ‍
සුළ‍‍ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

රෑ රැහැයි හ‍‍ඬේ දුක් ගීත රාවයේ..
රෑ රැහැයි හ‍‍ඬේ දුක් ගීත රාවයේ..
සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්..

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ..
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ..
කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ‍
සුළ‍‍ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

ප්‍රේමය | Premaya Lowa Hamathanama Athi by Chandana Liyanarachchi

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී

විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

ප්‍රේමය ලොව හැම තැනම ඇතී…

සමාවෙන්න | Samawenna Raththarane by Chandana Liyanarachchi

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

මල් සාරාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේ
බහට බහක් දී අඩවන් දෙනතක බැඳුනේ
ආලවන්ත කැකුළියකගෙ තුරුලෙහි රැඳුනේ
ගෙවුනු රැයක් ආත්මයක මට පව් පිරුවේ

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

දෙපා වඳින ඇගෙ දෑසෙහි කදුළු පෙනි පෙනී
බිඳී ගියා මුළු ලොව සෙනෙහසින් දැවි දැවී
සඳ මඬලට පෙම් සිසිලස පිදුව කුමුදිනී
ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස්වී

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

සමාවෙන්න | Samawenna Bopathakata by Chandana Liyanarachchi

සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා

මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර
කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර
වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර
හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර

ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල
මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම
මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ
සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම

සමන් මලයි | Saman Malai Pichcha Malai by Chandana Liyanarachchi

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

මුදු සුවඳයි රුව මඩලයි
මුදු සුවඳයි රුව මඩලයි සමව මිහිර දෙන්නේ
මේ කොයි මල නෙලන්නදැයි සිත අසරණ වෙන්නේ
සිත අසරණ වෙන්නේ

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

එක පියුමයි නෙලිය හැකී
එක පියුමයි නෙලිය හැකී ජීවන මල් ගොමුවේ
එක කුසුමක් නෙලන්නයැයි දෙහඳක මා බැඳුනේ
දෙහඳක මා බැඳුනේ

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

රන් තාරකා | Ran Tharaka by Chandana Liyanarachchi

රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

ගී හඬක් පාවුණා නිල් වළාකුලේ
ඒ හඬේ මා පැතුම් පාවෙලා ගියා
මා සොයා එන්නෙදෝ මා හා සිනාසී
හිඳිමී මා බලා

රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

රෑ සඳේ චාරිකා විල් තෙරේ රැඳී
ප්‍රේමයේ චේතනා පීදිලා හදේ
සෑමදා ඉන්නෙදෝ මා හා සිනාසී
රකිමී සැමදා

රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ