අවතැන් හදේ / Awathan Hade – Harsha Withanage [2019]

Sinhala song lyrics with music notes illustration

අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු

අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ

නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු

අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ

මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ

නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු

අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ

Official Music Video:

https://youtu.be/FM1vsrqbpZk

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply