වෛවර්ණ නාරි | Waiwarna Naari by Chethana Ranasinghe ft. Pasan

සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේ
පෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේ
මනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේ
ඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ

වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කලා පියුමන් තබා
සඳසාර වත රූ කමලේ සිත්තම් බලා
සැනසෙන්න සෘංගාරෙන් මත්වී මා හා සරා

දේදුන්න සත් පැහැ ගැණුනේ මා රුව නිසාලූ
ගගනේ තරු ඔච්චම් කෙරුවේ මා ඉඟි බලාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ

සඳරෑට සිත්තම් මැව්නේ මා හස නිසාලූ
පවන පිනි සිහිලැල් කෙරුණේ මා පෙම අසාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *