අබලන් | Abalan by Chubby ft. Breezy, D Rulz [2022]

Sinhala song lyrics with music notes illustration

දුක් වින්දා වාර වැඩි ඒකයි තියෙන්නේ පාර කැඩි
තාත්තා දුන්නා හදල පාර ඒකයි මේකෙ තාර වැඩි
අපි එද්දි කහනො ඇති තෙල් දැම්මා පහන මැදින්
සිල් ගන්නො පහල පැටි ගහන්නෙ හැබැයි කාල බැගින්

හතර වටේ විදි මුල්ලේ දිව්ව මාර ගති
නතර වෙද්දි කොල්ලා දැක්ක පාර ගති පාර ගති
පිටියෙ බැස්සම පිත්තෙන් දාර හයේ පාර වදි
මාව දවා ගන්න උබේ බොලේ සැර තම මදි

ඉතින් බන් එද්දිම රගපාන්
ලගට ඇවිත් ටොක්කක් දුන්නොත් උබ අඩපාන්
උබත් බැට්මන් නම් මන්එන්නේ දගදාන්
එද්දි උබ දෙක තුන වෙද්දි එකමාන්

මේ සෙල්ලමේ ගොඩක් උඩ පනින ජාන කවලම්
එකා එකා නිසා ජිවිතේ වින්දා මන් අවලන්
මේ ජිවන නදියෙන් ගොඩ යන්න ගත්ත හබලක්
මේ පීඩිත පන්තියේ හිස් මොල ටික අබලන්

තනියට මම අද තනියම
ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල
මන්තර දාපු උන් මතකයි හොදට
මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට
කාලෙත් එක්ක හැමදේම විසදෙයි
එක දෙයක් හිත තුල වද දෙයි

ඔය කාගේ කාගෙත්
ඇගේ ඔළු තිබ්බේ බෙල්ලේ පාලුවට
දැම්මේ දැල දගලද්දි පැටලෙන්න මාළුවට
දෙන්නෑ ඉඩක් නලුවට
වෙන්න ආස හතුරට
දීලා බලන් ඉන්නෑ ලැම්බා හැමදේම කාලයට

වෙද්දි මම පරල දිව්වා තොපි තරඟ
ලග ඉදන් නටන්න එපා වලිග පටුන
වගේ කට කතුර
චබී ලග ඩෝ යතුර
රංචුව කඩන් එද්දි වෙන්නේ කාගෙත් ලේ වතුර

රට වටේ කල්ලි පිටින් නරි ගොඩක් රඟන්නේ බන්
එන්න එපා කිරුලපන පැත්තෙන් සෙම අරින්නේ
මං හිනාවෙලයි මැරෙන්නේ තෝ බයේ පණ අදින්නේ
යදින්නේ වදින්නේ නෑ ඩෝ
මාරයා ආවත් රඟන්නේ මං ශුවර් නැති රටේ
කැරකෙද්දි කාසි අතේ යාළුවෝ ඉන්නේ වට
නෑයෝ කර වටේ හිදුනම අතේ සතේ
අම්මා තමයි පුතේ කියලා
බත් කටක් කැව්වම තේරෙයි බොට අගේ

තනියට මම අද තනියම
ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල
මන්තර දාපු උන් මතකයි හොදට
මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට
කාලෙත් එක්ක හැමදේම විසදෙයි
එක දෙයක් හිත තුල වද දෙයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply