පිපුණාද දුර ඈත | Pipunada Dura Atha by Bobby KY ft. D Rulz [2021]

Sinhala song lyrics with music notes illustration

පිපුනාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුබ ගෙනදුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සළු ඇදගෙන
නුඹ එන මාවත
වසන්තය වගේ
හරිම හැඩයි

නිල්වන් පාටට
පීදෙන මීදුම
ගෙනඑන්නේ ඔබේ මල් සුවදයි

එක හිතයි තිබ්බේ
තිතක් තියන් නුඹත් ගියා
මතක් කරගන්න බැරි හීන ලග නුඹත් තියා
දෑතින් දෑත අල්ලගන්න හරි දුරත් තියා
ඔබේ මගේ ඈතින්ම
දුරක් ගියේ දුකක් තියා

මේ ආදරේ වේදනාව ඔහොම නම්
කියාගන්න බැරි දේවල්
ලියාගන්නේ කොහොම මං

දුන්නු පෙම්බස් පරදා ඉන්නේ කොහොම මං
සංසාරේ අපේ දයිවේ නවතින්නේ නෑ කොහොමවත්
දුක එක්ක සතුටේ වේදනා වින්දේ මං
නුඹ නැතිව ජීවිතේ වේදනාවක්
වින්දේ මං

සොයා එන්නංකෝ
ලෝකතලේ කිමිද මං
හිස හැරුනු අතේ බලං ගියේ විවිද මං
නුඹයි මගේ ජීවිතේ
තියෙන්නේ එපමණයි
මලත් මතකයි හැගීම්
වපුරන්නේ එතනමයි

මියගියේ නුබ නෙවෙයි මගේ හදවතයි
මරු දිවිකතරක ගෙවී යන්නේ අසරණයි

අර නිල් පාටට පේන
නුඹ තමයි ඒ තනි තරුව
පරවුන මගේ මේ පපුව
හොයනවා නුඹේ රන් සලුව

රූසිරි වරුණා
රුව ඔබගේ
නෑ කවදාවත් මම දුටුවේ
ඉන්නට පැතුවත්
නුඹේ තුරුලේ
ආයේත් නම් නෑ නුඹ එන්නේ

ඔයත් එක්ක මම ගොඩ දුර පහුකලා
කොහෙද ඔයා හොයනවා
මම අද තනිවෙලා
අපි දෙන්නාගේ කතාව නිමවෙලා
හිනැහිලා ඉන්නේ ඔයා
ගොඩක් තරු පිරිවරන්

ඔයා එක්ක මම මවපු ලොකු හීන
රෑ හීනෙන් නුඹේ රුව පේන
අපේ මතක මට කදුලක් ගේන
පියඹලා එන්න මට ඇතිවෙලා මේක
තනිවෙලාම ඉන්නම්
උඹ දිහා බලං දුක් වෙන්නම්

අල්ලගනිද්දී ආයෙත් යයි නම්
කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්

පිපුනාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුබ ගෙනදුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සළු ඇදගෙන
නුඹ එන මාවත
වසන්තය වගේ
හරිම හැඩයි

නිල්වන් පාටට
පීදෙන මීදුම
ගෙනඑන්නේ ඔබේ මල් සුවදයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply