ප්‍රේමය නම් ආගම | Premaya Nam Agama by Sadara Bandara [2019]

Sinhala song lyrics with music notes illustration

වෙඩි බෙහෙත් අහිංසකයි

ජිනදාස
කොල්ලෝ ඔයා සිංහලේ ගියා ද?
ලැජ්ජයි
ජේසු දාස
අයියො ඔයා දැන් දාසයෙක් වෙලා ද?
ලැජ්ජයි
හසන් රාසා
දෙයියනේ ඔයා ජිහාඩ් කඩුව හලාල් කෙරුව ද?

ඔයාලට දැන් සනීප ද?

ගිනි ගත්ත
දේව මැදුරේ
රතු ලේ විලක් මැද
පොඩි දුවක්
වැටිලා හිටියා
ඇස් දෙක පියාගෙන

පුපුර වන්න
ලොවෙත් බැරි එක
ප්‍රේමය නම් ආගම
ඔයාලා දැක්ක ද
පොඩි එකාගේ
කිරි දත් සෙට් එක

රෝස නිම්නය පෙනි පෙනී
සමනලුන්ට වෙඩි වදී
පෑදි දියමත පා වෙවී
ස්වර්ගයට යයි මලමිනී

අල්ලාහ් නැවත එන්න
ජේසුනී නැවත එන්න
මිනිසුන්ට කියල දෙන්න
ප්‍රේමය නම් ආගම

පිරිත් පැන් බීලයි
සුදු මකරු
ගිනි පිඹින්නේ
කුරුස දලු දාලයි
බයිබලේ
ටිකෙන් ටික වැහෙන්න
අබායාවක් මැද
පලුවකි මැදෙන්නේ

කවුද හත් දෙයියනේ
ස්වර්ගෙට යන
හරිමා පාර කියන්නේ

රාසා රාසා
මැරෙනවානම්
අපි මැරෙමු මචං පුපුරන්
වෙඩි නූල ගෙනත්
මගෙ පපුවේ හරි මැදම බැදපං
පුපුරනා දේ
අපේ ලෝකෙට මවපු කෙනා හොයපං

වෙඩි බෙහෙත් අහින්සකයි
දරුණුයි අපේ ආගම්
වෙඩි බෙහෙත් අහින්සකයි
දරුණුයි අපේ ආගම්
වෙඩි බෙහෙත් අහින්සකයි
දරුණුයි අපේ ආගම්

රෝස නිම්නය පෙනි පෙනී
සමනලුන්ට වෙඩි වදී
පෑදි දියමත පා වෙවී
ස්වර්ගයට යයි මලමිනී

අල්ලාහ් නැවත එන්න
ජේසුනී නැවත එන්න
මිනිසුන්ට කියල දෙන්න
ප්‍රේමය නම් ආගම

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply