සඳ නේන දා | Sanda Nena Da by Lakshitha Mihiran [2022]

Sinhala song lyrics with music notes illustration

තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ
මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ
කඳුළට හොරා සරනා දිගම්බරේ
දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ
නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ
යලි අන්ධකාරේ දුරු කළ විලාසේ
ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ
කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ
සංසාර ගානේ ආ චාරිකාවේ
නුඹම පතනා හෘදේ නොදවන් ප්‍රියාවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply