මට කියලා | Mata Kiyala Munagahune Obamai by Methun SK

මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ
හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ
මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳ වෙලා
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා
ගලනා කඳුලැල් මැකීලා තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
ගයපු ආලේ ගීතිකා ඇහෙන මානේ නෑසුනා
හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා
පවසන්න වදනක් හිරවීලා ඇත තාමත් මා හර්දේ ගිලීලා
මවපු හීනේ රෑ දිවා, පේන මානේ බොඳ වෙලා
හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

Written by Methun SK

methun sk,methunshanka,theme songs,songs,samanala kanda,acoustic fusion,sony,new sinhala video,dhanith sri,new sinhala,fusion music,kalathurakin,bimal jayakody,rahul warawitage,adventure,sony a7s2,sasaran a mithura,sasaren a mithura,ranil goonawardene,la signore,sri lankan,sasaren aa mithura,adams peak,music video,supun perera,entertainment,blissful minds,audio,video,rahul,ms entertainment,ridma weerawardena,sinhala music video,koombiyo,facebook

විසිතුරු මල් | Wisithuru Mal by Yuki Navaratne [2023]

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි

ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන්

මන්දාරම් විලේ ///

අපි යමු නොරැඳී – කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී – බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන් – එගොඩ උනොතින්
මං ආව ගමනේ – අවසානය ඉතින්

මේ හැන්දෑවේ .. අවසානයද මේ
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

written by Yuki Navaratne

නෙළුම් මල් | Nelum Mal by DJ Mass, Romaine Willis & Apzi [2023]

සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා

පොත් මිටියක් ගෙන ගියේ
මල් පාරේ
සිහි වෙයි අද වගේ පාසල් කාලේ
හිරිමල් හැගුමන් පිබිදුනා
හැගුමන් පහසේ
බාලේ ආලේ
මල් වගේ කාලේ

No hey
I feeling so innocent
giving the love so
everybody will not different
remember every time
you thought to be kind
showing all the memories
still blooming on my mind

නෙළුම් මල් පිපුණු නිසල විලේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගේ බාලේ

සඳක් බැස ගියා අවරගිරේ

books in the playground
we used to live a fantasy
friendship togetherness
filled up with empathy
don’t wanna lie
every lesson was a blessing
girls with the breeze
over boys with messing

now it’s a memory
pictures in a album
Apzi & miss willis go hard on platinum
god is a DJ, DJ is the god
message represent
praise the lord

නෙළුම් මල් පිපුණු නිසල විලේ

සඳක් බැස ගියා අවරගිරේ

written by Apzi & Clarence Wijewardena

djnewsongs,djremixnewsong,apzi new song,romaine willis new song,sinhalanewsong,remix new sinhala,edmnewsrilank,todaynesinhalasong,bass rebellion,newdjsinhalasong,pemkakulasong,bass rani,vibe machine aghori,romaine willis,song,indian mantra edm mix,bass boosted edm,bass boosted,dj mass,romainewillis,new music mix,new year music,edm with mantras,psy trance,indian electronic,global bass,indianedmmix,the centrons,neujahr musik,djmass,sandak besa giya

ඈ හා | Ae Ha by Ridma Weerawardena [2023]

ඈ හා – තනිකම හුරුකම අතරේ මා හා
ඈ හා – නැතිකම ඇතිබව අතරේ මා හා

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ
හා කිව්ව බෑ කිව්ව දවසේ
නෑ දෙන්න ඒ හුස්ම ආයේ
වින්දා.. ජීවිතේ

මනසින්ම අතහරින ආදරයෙ ගීතේ
ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ
විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ
මේ ගමන නවතින්නේ දැන්

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

written by Manuranga Wijesekara

ridma weerawardane,ridmaw,ridmadw,ridma,imzys dance crew,nisal gamage,amazing voice,sobana,acoustic singer,sri lanka,srilankan vocalist,naadhagama,bollywood songs,imzys,hindi,senanga dissanayake,sobana(සොබනා),bollywood

කියවපන් අඩුවේන් | Kiyawapan Aduwen by King Lotuss [2023]

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

හරි හැටි මේක ගැන දැනුමාක් නැති උන් ගිනි තියනව වගේ හනුමා
කිව්වොත් කිව්වෙ වගකීමෙන් නැත අනුමා න කරල අපි තමයි තිබ්බෙ දිනුම් කනු මාක්

Yow ඉල්ලූව රැප් මෙන්න
කිව්වෝතින් ඇත්තෙන්ම
සත්තු හැම පැත්තෙන්ම
ආවා ඩෝ හැප්පෙන්න
කැස්සේ දුම් ගැස්මෙන්ම
ගාය හද ගැස්මෙන්ම
ඕනෙ කිව්ව රැස් මෙන්න
දෙන්නම් මං පැද්දෙන්න ගැස්සෙන්න වැස්සක් සේ සිත්ගන්නා ෆ්ලෝව්ස්
අපේ පරිමාව ගත්තොත් තොපි ඕවඩෝස්
මගෙ සින්දු අහන්න දෙන්න එපා ගෑණිට ඇහුවොත් මල් අහන උබව කරාවි ඩිවෝස්

රැපෙන් සැපක් ගේන්නම්
උබලට ඕන තරුවක් වගෙද ආ එහෙම පේන්නම්
තේරුම් ගනින් කියන දේන් මං
කැරියා කිව්වට ගානක් නෑ ඉතින් මම කොහොමත් කැරියෙක් නේන්නම්

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

අබ කාලා මොලේ දන්නගත්තා
ලඟ යාලුවො චේන් පන්නගත්තා
තිබ්බ සල්ලි වලින් කන්න ගත්තා
මොකද අමතකයි කෑම බඩේ පණුවෝ කෑ ග හන්න ගත්තා

ආස වරද හා බැඳෙන්න
මල්ලිලා ප්ලීස් එපා මේ අපි වගෙ හැදෙන්න
කැටපෝලෙ පවර් පස්සට ඇදෙන්න ඇදෙන්න
දෙන්නම් බන් සංගීතේ උබට පැද්දෙන්න ගැස්සෙන්න

පුටු සෑහෙන්න හැදුවා අටුවෙන්
මං ගත්තේ අමාරූ තීරණ ඒකෙත් බාගෙට බාගයක් පටුවෙන්
ගේමක් දීලා ආවේ වට වෙලා තිබ්බ කොටුවෙන්
සැපේ ඉද්දි උන්ගෙ ඇහැට ඇන්නා වගෙ කටුවෙන්

දූවිලී වල සුවද හොයපන් මොකටද AC
කරදර යනු කෑම නම් ආවා පුරවල බන්දේසී
කැරියන්ව එලවල දැම්මා වගෙ ලන්දේසී
තොපි රැප් කියන එක නවත්තපන් ඒක තමා ලේසී

මල්ලී මේ කියනවනම් කියපන් ඇත්ත ජීවිතේ ඇත්ත දේවල් ඇත්ත විදියට ඒක තමයි ගැම්ම
දෝණී එලියට බැස්සොත් හොඳ කරවන්නම් ඇම්ම
කැඩුවා ඇතුලෙදිම බැම්ම නෑනේ කොන්දේ නැම්ම

මගෙ සිතුවිලි අතරින් සොයන්නෙ මගෙ ඇඟ ඇතුලෙ හිටපු සංවේදී කෙනාව
මම පොඩි කාලෙ ඉදන් දක්ශයි ගානට විකුණන්න තට්ටය තියන උන්ටත් පනාව
සීතල පෙති Heroin හුත්තවල් ඕනෙ නෑඩො ගොඩගන්නෙ හිපොප් කලාව
තොපි මගෙ ලමයි coz ima motherfucker වරෙන් එක්කන් යන්නම් පාරෙ රැප් තක් සලාව

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

written by Ashan Perera

මටත් කවියක් | Matath Kaviyak by Kasun Kalhara [2023]

යනව නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න​
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න​

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ
කෙටි පටුන පෙති මත ලියන්න​
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න​

written by Dr.Asha Abeysekara

kasun kalhara,kasun kalhara new,kasun kalhara songs,kasun kalhara videos,kasun,naada yaathra,kasun 2023,naada,classical song,sinhala new songs,sinhala new videos,official video,acoustic songs,songs,music,matath kaviyak,kasun kalhara nonstop kasun kalhara,songs kasun kalhara,kasun kalhara mal mitak thiyanna,mal mitak thiyanna kasun kalhara,kasun,mal mitak thiyanna lyrics,mal mitak lyrics,mal mitak thiyanna,mal mitak,mal mitak thiyanna raspet,kasun kalhara songs,kasun kalhara nonstop,best of kasun kalhara

මෝහිණී | Mohini by SANUKA ft. Master D [2023]

මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා //

අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා

අතදරුවා..
මැදියම් වෙලාවේ..

අඳුර වැටෙද්දි ගලයි තනිකමයි
රෙද්ද අන්දන්න කවුරුත් නැති ළමයි
බැලුවේ නැහැ මං උඹේ කනකරයි
උඹයි මෝහිණී මහසෝනා මමයි

අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තර වැඩක් නෑ කොල්ලෝ
ඔක්කොම ගෑණු යක්කු කොර

ඝන අඳුරැ කළු සේනා කෙල්ලේ නුඹේ මලට පරවේ
ගැලු රුධිර කොපුලේ තෙමාගෙන හිත් සලිත කෙරුවේ

අම්මපා ගංතෙරේ ඇවිද්දා අපි මරු
බලා උන්නා හඳපානේ ඒ තරු
කම්මුල් දෙක රතු වෙද්දි ඒකත් මරු
උඹ වගේ කෙල්ලෙක් හොයන්න බෑ රළු

අතදරුවා..
මැදියම් වෙලාවේ..

සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී

written by SANUKA & Master D

සොබනා | Sobana by Ridma Weerawardena [2023]

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
දනිමී පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවදයි කුමුදිනියේ මගෙමයි
අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

written by Nisal Gamage

ඈ සුරඟනක්ද | Ae Suraganakda by Anju Warnakula [2023]

රුවැත්තියක් සිනාසුනා
හොරැහින් හදිස්සියේ
වෂීවෙලා මං බලන් හිටියා

හැගුම් පොදක් හිතේ තියන්
තනියෙන් නිසන්සලේ
පෙමක් පතා මං පෙරුම් පිරුවා

නමක් ගමක් කොහෙන් හොයන්නද
හිතක් ගැහෙහි කෙසේ අහන්නද
ඔබ මගේම විතරයි
දන්නවා

ඈ සුරගනක්ද මිහිපිට
ඈ මට කියයිද හිමිහිට
ඈ මට ආදරෙයි කියලා //

උන්මාද රූ අංගනා
දවසක ඔයා
මගෙමයි සදා

දිවුරන්නේ සත්තයි සෑමදා
හුස්මක් වෙලා
ඉන්නම් කියා

ඇස් දිහා මං බැලුවා
මුසපත් වෙලා දිලිසෙන නිසා
සිප ගන්න ආසයී ලං වෙලා
සුළඟක් වෙලා එන්නම් සොයා

නමක් ගමක් කොහෙන් හොයන්නද
හිතක් ගැහෙහි කෙසේ අහන්නද
ඔබ මගේම විතරයි
දන්නවා

ඈ සුරගනක්ද මිහිපිට
ඈ මට කියයිද හිමිහිට
ඈ මට ආදරෙයි කියලා //

written by Sampath Fernandopulle

පාවේ | Pawee by Kanchana Anuradhi ft. Thilina Boralessa [2023]

සිනා කෝ දෑසේ
පෙම් කතා නෑසේ
නිවා සැනසුව
නුඹේ උණුහුම
කොහේදෝ පාවේ
කොහේදෝ පාවේ

වරා මල් වාගේ
හිතුමතේ පාවේ
නුඹත් ඒ වාගේ
මා දවා පාවේ

කඳුළු ගංගාවේ
දෑල මල් යායේ
සුවඳ අරගෙන
වරෙන් හනිකට
පාවෙලා ආයේ
පාවෙලා ආයේ

සකිසඳේ ප්‍රේමේ
නුඹයි මා ප්‍රාණේ
පැටලිලා සුළඟේ
එන්නෙපා ආයේ

written by Kanchana Anuradhi

kanchana anuradhi songs,kanchan anuradhi song,kanchana anuradhi new song,kanchana anuradi cover,kanchana anuradhi,kanchana new song,kanchana anuradi songs collection,kanchana anuradi best song collection,sinhala new songs,sinhala songs,kanchi new song,kanchana,danena thuru ma,kanchi,dance songs,chamath new song,nepal viral song,danena thuru,ale mal song,sinhala song collection,uduravi cover,nepal trending song,chamath sangeeth new song,udhurawi