in Yuki

විසිතුරු මල් | Wisithuru Mal by Yuki Navaratne [2023]

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි

ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන්

මන්දාරම් විලේ ///

අපි යමු නොරැඳී – කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී – බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන් – එගොඩ උනොතින්
මං ආව ගමනේ – අවසානය ඉතින්

මේ හැන්දෑවේ .. අවසානයද මේ
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

written by Yuki Navaratne

banner

Leave a Reply