තුන්වෙනි පන්තිය | Thunweni Panthiya by Drill Team, Minol Witharana

Sinhala song lyrics with music notes illustration

නානු ඔයේ මම කෝච්චියෙන්
කොළඹට යන කෝච්චියෙන්
නූල බැඳ ළඟ කෝවිලෙන්
කාලා නානාගේ හෝටලෙන්
වැඳ පිලිමෙට බෝධියේ
බැලුවා සුද්දිගේ බෝඩරේ
වතුර ඉවරයි බෝතලෙත්
නානු ඔයේ මම කෝච්චියෙන්

නානු ඔයේ මම කෝච්චියෙන්

මේක කතාවක් දෙවියන්ගේ බාරේ
ලිවුමට පස්සේ වෙච්ච
එහා පැත්තේ මගේ වෙසඟනක්
ඒත් කිරි බොන දරුවෙක් එක්ක
ඒකේ තැනටම චාර්ලි චැප්ලින් වගේ
ඒත් ඌ හදනවා නලුවෙක් වෙන්න
අර කෑලිගේ පොඩි එකා සැලියුට් ගහනවා
ඇයි ඒ හමුදා කාරයෙක් කිහිලි කරුවක් එක්ක
හේ
පරිගණත පරිපථ වගේ ගත කාලෙකට පස්සේ
දැක්කා උණුවිය කාලෙකට කියනවා බාලේ කතා
කුඩෙක් ඉන්නවා බලන් යන්න මාලේ කඩන්
වැටමාර පොලු තියන් දෙමලු පාරෙ හිටන්
ජනලේ අත තියන් යන උන්ට ආදරේ කියන්
මේ රේල් පාර ඉවර වෙන කාලේ තියන්
එහෙනම් උඹ දන්න කවියක් උඹ තාලෙන්
කියහන්

අන්න ඒකයි අවියක් සහ පෑනක් ගන්නේ ඒකයි
හැම වේදිකාවක ඇහැරෙන්නේ නවතිද්දි උඹලා
පන්තිය බලලා ටිකට් ගන්නේ ඒකයි
කවි බණ පැණි කජු රට කජු අලපෙති ගණපති
සයිබාබා ගාන කියන්
ඇහෙයි මට නඩේ බෙරේ වාදනයක්
සුදු ගවුමක් ඉල්ලනවද කොළඹින් ආදරයක්
ඇයි බන් මේ කෝච්චියේ දිග
අපේ මන්ඩලේ කචල් ලෝකෙටම ක්‍රිකට්
හැට පැනපු නාකි හිටන් හොයනවා හිල
ඉස්සරහා හෝල්ට් පනිනවා අරන් නෑ ටිකට්

යේ මිනෝල්….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply