ඉතින් ආදරේ | Ithin Adare by Yohani [2021]

Sinhala song lyrics with music notes illustration

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්

වසන්තය මං
සොයා ඇවිදින්
බලා ඉන්නම් නුඹේ අසලින්
අනන්තය දැන් අහින්සක මං
හඩා වැටෙමින් දරා ඉන්නම්

කලුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
ලියන රෑ සලුවෙන් වේදනා

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්

අරන් ඇවිත් අදත් බලන්
උඹේ අයිති වාසිකම්
රංගනේ අවසන් උවේ පාලුවේ එලිවෙන පැයේ
මනමේ ආදරේ තාමත් එකසේ
කෙලෙසද මේ පව එක රැයෙන් ගෙවෙන්නේ
දරඩඩු කම තවමත් ඉවසන්නේ
නුඹ මගේ කටු අකුලයි රත්තරනේ

මේ රග මඩලේ
අපි අතරේ ගැටුනේ ජීවිතේ
නෑ පසුතැවුනේ මග හැරුනේ ආදරේ

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්
හඩවමින්
හඩවමින්
හඩවමින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply