in Yohani

ඉතින් ආදරේ | Ithin Adare by Yohani [2021]

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්

වසන්තය මං
සොයා ඇවිදින්
බලා ඉන්නම් නුඹේ අසලින්
අනන්තය දැන් අහින්සක මං
හඩා වැටෙමින් දරා ඉන්නම්

කලුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
ලියන රෑ සලුවෙන් වේදනා

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්

අරන් ඇවිත් අදත් බලන්
උඹේ අයිති වාසිකම්
රංගනේ අවසන් උවේ පාලුවේ එලිවෙන පැයේ
මනමේ ආදරේ තාමත් එකසේ
කෙලෙසද මේ පව එක රැයෙන් ගෙවෙන්නේ
දරඩඩු කම තවමත් ඉවසන්නේ
නුඹ මගේ කටු අකුලයි රත්තරනේ

මේ රග මඩලේ
අපි අතරේ ගැටුනේ ජීවිතේ
නෑ පසුතැවුනේ මග හැරුනේ ආදරේ

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්
හඩවමින්
හඩවමින්
හඩවමින්

banner

Leave a Reply