ඉතින් නුඹ නෑ | Ithin Numba Na by DJ JNK ft. Shan & Moniyo [2021]

Sinhala song lyrics with music notes illustration

අදුරේ මැදියම් රැයේ මා තවම දැවෙමී…
නුඹ හා මැවූ සිහිනයක් රිදුම් ගෙනෙවී…
සුදු මල් අතුරා සුරගනක් සේ නුඹ මග සැරසී…
මවක් වී වරම් ලද ආදරී අද අහසේ සැගවී…

දරාගන්න බැරි දේවල් නිහඩව සගවන්නී…
ඇයි ආදරී අපේ හීනෙට සමුදුන්නේ…
නිමා වෙන්නෙ නෑ හිතෙන් ආදරේ මගේ…
යලි එන්න හීනෙන්වත් දකින්න රුව ඔබේ…

ගංතෙර මැද්දෙන් අදත් ඔයා මැවි හිනාවුනා
හිත්වල පිරි ගින්දර හින්ද මමත් එදා වැලපුනා
නතරවුනා හදවතක් තවත් හදක් පැලවුනා
අත්තට දීල පුංචි දුවෙක් ඔයා ගිහින් සැතපුනා
අපේ ලෝකෙට චුට්ටෙක් එනකං මතකයි නුඹ දිනගැනගත්ත
යන්නට දීල නුඹට පාලුව අපිට ලංකරගත්තා
රටක් රාජ්‍යක් සතුයි වගේ මගේ ලොකේ මං දැනගත්ත හැමදේම නැතත් දුවේ නුඹ ලබන්න මම පිංකරගත්ත
සුන්දර අතිතෙ කටුකයි ජීවනමග, කොච්චර වින්දත් දුක
ලස්සන බාදක මැද්දෙන් යන ගග
නිතර නිතර දකි, පුදුමයි ඔයා වගෙමයි එයා දඟ
නැලවිලි ගීයක් නැතුවම නැලවුනා තනිකම තියන් ලග
උපන් දිනේ happy birthday ! අමතක වෙන්නැති දවසක් ලඟතියා
යන්නට වේවි නුඹට අලුත් ජීවිතේ නිදැල්ලෙ සොයා
අත්තටු ඇවිත් ඉගිලිලා යවි මෙ කැඳැල්ලෙන් ඔයා
දිව්‍යලෝකෙන් දොරගුලු ඇර නුඹ යන මග බලන් ඇති ඔයා

නුඹේ සුවද දැනේ තාමත් මට
තරුවක් වී ඇයි ගියේ ඈතට
මට ඉතුරු වුනේ අපේ හීනයේ
මතකයන් විතරයි සදහට
පාරාලා ගිය හීනේ මගේ නාඩා දුක් වෙන්නම්..
අර මට,
දීල නුබ ගිය පානා හිනවට මාවත් හිනහෙන්නම්..

අදුරේ මැදියම් රැයේ මා තවම දැවෙමී…
නුඹ හා මැවූ සිහිනයක් රිදුම් ගෙනෙවී…
සුදු මල් අතුරා සුරගනක් සේ නුඹ මග සැරසී…
මවක් වී වරම් ලද ආදරී අද අහසේ සැගවී…

දරාගන්න බැරි දේවල් නිහඩව සගවන්නී…
ඇයි ආදරී අපේ හීනෙට සමුදුන්නේ…
නිමා වෙන්නෙ නෑ හිතෙන් ආදරේ මගේ…
යලි එන්න හීනෙන්වත් දකින්න රුව ඔබේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply