ජුලියා | Julia by Pasan Mahela ft. YAKA [2019]

හද පාරනා කාරණා
දකිනා මා සිත බිඳුණා
නෙතගේ කඳුලැල් මැවුණා
මිරිඟුවක් දෝ මට හැඟුණා

පෙමෙන් බැදී ලඟින් ඉදි තුරුලට
රැයක් නිවී වෙලී ලඟින් සියොළඟ
නාරි ඔබ ඔහු සුවදෙනා

ඔබේ ගතින් ලෙහී දුහුල් සළුපට
පුරා කොපුල් උරා මුවින් මත්කොට
නාරි ඔබ ඔහු සුවදෙනා

හද පාරනා කාරණා
දකිනා මා සිත බිඳුණා
නෙතගේ කඳුලැල් මැවුණා
මිරිඟුවක් දෝ මට හැඟුණා

දෙඅත් මුදා ගතින් නිමී ඔහුලග
පහන් වැටී බිදී සිතින් නුහුලන
සීමා මතින් ගිලිහෙනා

සිතින් ඔබේ ගතින් දිනේ නොමියෙන
ලයත් නිවු තුනී සරින් ගිලිහුන
යාවී ඔබ මා ගාවෙනා

හද පාරනා කාරණා
දකිනා මා සිත බිඳුණා
නෙතගේ කඳුලැල් මැවුණා
මිරිඟුවක් දෝ මට හැඟුණා

හද පාරනා කාරණා
දකිනා මා සිත බිඳුණා
නෙතගේ කඳුලැල් මැවුණා
මිරිඟුවක් දෝ මට හැඟුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *