කරකාරෙ බඳින්නට | Karakare Badinnata by Kanchana Anuradhi

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

නෑදෑයෝ බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යන්
මන් රත්තපුරෙන් මගෙ මැණිකෙට ඕනෙ හැම දේම ගෙනත් දෙන්නම්
පන තියෙන තුරාවට හැමදේම දෙන්නෙමි සත්තයි දිව්රමි මන්
අනෙ සත්තයි දිව්රමි මන්

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

මුතු මාල පොටක් ඔය ගෙල පළඳින්නට හීන බැලුවේ මන්
මනමාලි කරන් නුඹ කැන්දන් යන්නට පෙරුම් පිරූවේ මන්
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැන්
අනෙ නැකතක් බලමුද දැන්

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *