මල් පෙත්තක් Cover | Mal Peththak Mashup Cover by TunesHouse

Sinhala song lyrics with music notes illustration

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී මගෙ ප්රාණෙත් සරි
ප්රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්

උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා

රලු නගරේ කහ වනු සො‌යලා
ගියමුත් ගම්මානේ හැර දා
පෙරදා මෙන් සෙනහස පාලා
නටමු දැන් සැම එක් වීලා

තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ
තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ

යන්න ඕනේ බම්බා පැත්තේ
කොත්තු සද්දේ ඇහෙයි මචං
මහ රෑ මැද්දේ
සුදු ඉරි අයියාලා පාර දෙපැත්තේ
ප්ලෑන් කරලා අපිව අල්ලලා දායි ද ඇතුලේ
දැන්නම් මචං ලිස්සලා යන්න
විදිහක් කොහොමත් නෑ
ශේප් ටෝකක් දාලා බලමු
බැරු වෙන එකකුත් නෑ
යන්ද අයියේ අපිත් එක්ක
ප්ලේන්ට් යක් බොන්න යන්න
ආ වෙලා නැත්නම් මෙන්න මේක තියාගන්න

මචං මම නම් හිතුවේ අද
අපි ඉවරයි කියලා
මැදැයි ආවා නයි තොගයක් ඇරලා
ශේප් එකේ ගෙදර යමු
දැන් 5ටත් ලගයි, ඔන්න ඔතනින් දාපන්
ඉතුරු ටික පයින් තමයි

පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා

පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා

තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply