කෙනෙකුට | Kenekuta by Master D

Sinhala song lyrics with music notes illustration

අතමිට සරු ඵල බර වී කඳු මත බෙරි වී
ලම්බ හිත හැපුනු තැන් තම තම වැරදී
ඔසු පැනින් හරි වී ලද දෙයින් නරි වී
කැත ලෙයින් හැඩකලා උඹේ රැය පැරදී

උඹ අසරුවෙක් නැති උන අසු
තනි හිත ගියා දුර දුවන් කඳුකර පසු
මුලු රැය පුරා මගේ රැප අඳුරට නතු
බර වැඩි නිසා බිඳී ගියා බර වුනු අතු
එන්න මා හා

උඹ පරයමින් ඇවිදින හිත හැමතැන
රටේ රැප හැමතැන මම ඉන්නේ හරි මැද
දුර තැවරුනු උනුත් කිව්වා මගේ රැපේ ඇද
උඹේ සිර කුටියට වැදන් එන්නේ රළ බඳ

එක නගරෙක බඩ පිටට ඇලිලා හා
තව නගරෙක කඩි මුඩිය බදි නැහැ
උඹේ දුක සැපත් මම හොයලා බලන්නම්
සාම අමර රැපෙන් මම එකට මරන්නම්

කෙනෙකුට ඕන උනා නම
ඕනා උනා සම ඕන උනා පන
තව කෙනෙකුට ඕන උනා සෙල්ෆියක් ගන්න
ඕ….//

සිත මාර තැනක මාව තනියෙන් මත වැඩි වී
ගත වාව තෙරක ගාව ළඟට පට වැඩි වී
පිටි කාල බරට තාම රතට ගොත ගැසුනී
මට බීලා නිතර මාගේ සුන්දර රට මැවුනී
අපේ රට්ටු වෙන්නෑ කවදාවත් එකෙක් මට්ටු

උඩට ගියා උස බිත්ති උඩ තට්ටු
මුරසේනා ඕනා මට නිදාගන්න රට්ටු
කිරි කලෙන් නෑවත් ගොම බිඳෙන් දැම්මත් තට්ටු
පිරිසක් ඇඳ පිරිසක් කලා වෙල
මම දන්නෑ දෙකම මම කලා මගේ රැප

මම කියන වචනෙටත් මම උනා ඇප
කැපවෙන්නේ ඒකයි උඹේ හිතේ ඇතුලේ මගේ රැප
මගේ රැප රස්නෙයි වගේ පෝරනු
උඹේ පාන්පිටි ඔලුව පිපෙයි මගේ රැප බෝවුනු
මහ යාමෙත් ඇහෙනවා වදන් බේරුනු
මගේ රැපෙන් උඹේ තට්ටු වල පිපෙයි ඕලු

කෙනෙකුට ඕන උනා නම…//

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply