in Chamara Weerasinghe

කිවුටිකිරා (මුවැත්තී) | Kiyutikira (Muwaththi) by Chamara Weerasinghe

කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී

හැන්දෑවට පෙම් බඹරු බඹයි රතු කර ගත් නුරා නෙතින්
නිල් අඳුරට හිත නලියයි තුරුලුවෙන්න සිහින අරන්
බලාගෙනයි මුවැත්තී කිවුටරියේ පාඩම් හෙම
අමතක වෙයි සිතැත්තී…..

කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී

නින්දාවට අඟ හිඟකම් එයි පෑලදොරින් ගෙට ගොඩවෙයි
නිල් තරු මල් හීන රටට නුඹ ගෙන යයි රුවැත්තී
බලාගෙනයි සිඟිත්ති අකුරට යන හිත බාලෙදි
හොරා ගනි මුවැත්තී……

කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී

banner

Leave a Reply