කුරුඳු සුවදැති | Kurudu Suwadathi by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..

හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය..
සොඳුරු පුවතයි ජීවිතේ..
සදා තරුණයි ජීවිතේ..

වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පා එනවිට…
වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පා එනවිට…
දැනෙන දුක නිදුකක් බව..
ගැඹුරු ලෙස දැනෙනව මට..

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..

නපුර වපුරන අදුරද..
පිදුරු අවුලයි මතකෙට..
නපුර වපුරන අදුරද..
පිදුරු අවුලයි මතකෙට..
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරී එය මට..
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරී එය මට..

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply