කුංකුම තිලකය | Kunkuma Thilakaya by Senaka Batagoda

Sinhala song lyrics with music notes illustration

කුංකුම තිලකය නලලට නැතිවට
පින් පාටයි නුබේ මුහුණ ලඳේ
චන්දන කල්කය ගාලා නැතිවට
සුවඳ හමයි මට මලක් වගේ
කිංකිණි හසරැලි මුව අග නැතිවට
සිහින් සිනහා ගීතයක් වගේ
රන්මිණි මුතු ඇට මාල නොදැම්මට
නුඹ ලදුනේ සුර ලියෙකු වගේ

කුඹුකේ ලිදෙන් දිය නා ගෙන එනකොට
කියඹු ලතා සුලෙඟ් සැලූනා
මාල ගිරා හඬ කොතරම් මිහිරිද
යාය මැදින් යනකොට හිතුනා
සුවඳ සබන් විලවුන් තව කුමටද
මල් සුවඳින් මුලූ ගම පිරුණා
දෑස අගින් නුඹ මා දෙස බැලූ විට
ආල හිතින් මගෙ හද පිරුණා

කුංකුම තිලකය නලලට නැතිවට
පින් පාටයි ඔබෙ මුහුණ ලඳේ
චන්දන කල්කය ගාලා නැතිවට
සුවඳ හමයි මට මලක් වගේ
අහස පුරා ඇති අඳුරු වලාවට
පුන්සඳ සැඟවී ගියා වගේ
මුහුණ නුඹේ පෙනුනා අඩ අඳුරට
පුන්සඳ ගෙට පායලා වගේ
ඇඟිලි තුඩින් පන් රටා වියන කොට
සීපද හැදුවේ මටද නගේ
ගුරු පාර හොඳයි තවමත් ඇවිදින්නට
දෑත බැඳන් පොඩි කාලේ වගේ



කුංකුම තිලකය නලලට නැතිවට
පින් පාටයි නුබේ මුහුණ ලඳේ
චන්දන කල්කය ගාලා නැතිවට
සුවඳ හමයි මට මලක් වගේ
කිංකිණි හසරැලි මුව අග නැතිවට
සිහින් සිනහා ගීතයක් වගේ
රන්මිණි මුතු ඇට මාල නොදැම්මට
නුඹ ලඳුනේ සුර ලියෙකු වගේ
මට නුඹ ලඳුනේ සුර ලියෙකු වගේ
මට නුඹ ලඳුනේ සුර ලියෙකු වගේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply