in Uncategorized

සංසාරේ | Sansare by Kinkini Amunugama [2019]

හදවතට ලංවෙන්න
නුඹේ සෙනෙහේ මට දෙන්න
මගේ ලෝකේ නුඹමයි සදා

මගේ මතක අරගන්න
නුඹේ හුස්ම මට දෙන්න
මගේ සිහිනේ නුඹමයි සදා

නුඹේ තුරුලේ
මා රැදෙනා
හැම මොහොතක් ම සොදුරුයි මෙදා
සිත රැදෙනා
නෙත ගැටෙනා
හැම මොහොතක්ම නුඹගෙම වෙලා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

නුඹේ වදනක් පාසා
නුබේ සුසුමක් හොවා
මගේ දිවි ගමනේ
රැකවල් මවා

සිත රැදෙනා
නෙත ගැටෙනා
හැම මොහොතක්ම නුඹගෙම වෙලා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

මේ විශ්වේ සැරිසරනා
හැම භවයේ පැතුමයි ඔයා
මගේ පැතුමන් මද පවනේ
අද එයිදෝ නුඹේ ලොව සොයා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

සංසාරේ

banner

Leave a Reply