ළමාතැනී | Lamathani by Sangeeth Wijesuriya

ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ

කුලී ගෙදර තාමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
කුලී ගෙදර තවමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
නුඹ ලැබුණා නම් නෑ මේ ලෙඩ දුක්
කසාය නොව මං අද බොන්නේ සරුවත්

අයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්

කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
පල දෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

අයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ

කසාය නොව මං අද බොන්නේ සරුවත්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
නුඹට ලියු හොර ලියුම් අපරාදේ
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *