සැවැන්දරී | Sawandari by Sangeeth Wijesuriya

Sinhala song lyrics with music notes illustration

Romantic Sinhala song celebrating love and devotion.

Song Lyrics

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා

සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා

සැවැන්දරා සුවඳින් මණ විඳිනා
අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා
නිරන්තරේ සියොලඟ පිරිමදිනා
කතන්දරේකට නුඹ මුල් පිරැවා

සිහිනෙන් ද සංවාද දහසින් විසඳා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් හිනැහී තනියෙන් හඬලා

නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරා සුවඳින් විඳිනා
අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා

සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් මුමණා තනියෙන් අමුණා

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා

Song Information


Song Summary

A romantic Sinhala song expressing devotion, emotional connection, and escape from sorrow through love.


Song Meaning

“සැවැන්දරී” portrays a lover deeply moved by affection, beauty, and emotional closeness.
Through imagery of dreams, music, fragrance, and heartfelt glances, the song expresses how love lifts the heart, eases loneliness, and helps overcome life’s struggles. It highlights love as a source of comfort, inspiration, and emotional healing.


Frequently Asked Questions (FAQ)

Who sang “Sawandari”?

The song was sung by Sangeeth Wijesuriya.

Who wrote the lyrics of Sawandari?

The lyrics were written by Sangeeth Wijesuriya.

What is the theme of Sawandari?

The song focuses on love, devotion, emotional bonding, and relief from sorrow.

What genre does Sawandari belong to?

It belongs to Sinhala romantic and melodic music.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply