ලුසිෆර් ටිනර් | Lucifer Thinner by Lil Lucifer [2022]

Sinhala song lyrics with music notes illustration

මත් වුනු බබරෙක් වගේ ගෙදරට එති
විස දුමම ඇදලා දැන් නම් මට හොඳටම හති
මුලා උනා රැවටුනා පැරදුනා දැන් නම් ඇති
හුදකලාව හොදයි පැරදීම දෛවය හැටි

පාට පාට කෙල්ලෝ ලග රැවටීම් ගොඩයි
කෙල්ලො සූස්ති සල්ලි වලට වඩා රැප මට හොදයි
සේනාවක් එපා දැන් නම් මට තනිකම සැපයි
දාපු ආතල් මතක් වෙද්දි හිත තනියම හඩයි

එළියට යන්න එපා පුතේ දැන් සමාජේ විසයි
අම්මගෙ බතට වඩා ඒ කාලේ මධුවිත රසයි
විසට පුරුදු වුණ නිසා මගේ ඇග වන්දිගෙවයි
ගෙදර එනකම් බලන් අම්මා තනියම කදුලු සලයි

විසට පුරුදු වෙලා ඇස් ලග මකුණු දැල්
මදුවිත හේතුවෙන් ඇඹරිලා බඩ වැල්
Bulb ගන්න කොල්ලො පිරිලා වල වෙළඳ සැල්
අපායෙන් ගැලවී යම් තවත් නැහැනේ කල්

පෑනෙන් එපා ජීවිත කතාව පැන්සලෙන් ලියපන්
වැරදුණු හැම තැනක් ගාවම වැරැද්ද මක පන්
කෙලව ගන්න එපා බං මගේ වදන් අහපන්
යන්න ඕන් නම් යන්න දීලා ලණුව ලිහපන්

උඹ හොදයිනම් අවංකයි නම් කෙලවෙයි
උඹ හොරෙක් නම් වැරදි නම් හරි යයි
සල්ලි නැත්තං ළග උනුත් දාලම යයි
අවංක එකෙක් දැන් උබේ ලගටම එයි

කොහේ ගියත් පාරට බැස්සේ දාගෙන කැප
දවසක අහන්න ඕනේ මූ තමයි ඩො රැපර්
රැපට අත දෙන උන්ට ඉහළින්ම ක්ලැප
යාලුවෝ හිටියට ගෙදරින් විතරයි දැන් ඇප

වරදින්නෙ මට හරි යන්නේ මට උඹට මොකද ප්‍රශ්න
බොරුවෙන් දුව්න ජීවිත රවුමේ දැනුනද කාල රස්න
උඩට නගිද්දි උබ බලන් හිටියේ බලන්න මගෙ බැස්ම
සැපට වැටිලා මව කෙලෙසන අඩපනයි තොපේ ශිශ්න

පොඩ් කාලේ ඉදන් මගේ ජිවිතේ සහමුලින්ම බොරුවක්
මතට බර වු මගේ ජීවිතෙන් උබ්ට වෙන් කරා වරුවක්
බටේ කටේ තියන් දඟලන තොට ඔනෙද කිහිලිකරුවක්
බට ඔන්නෑ මට ඔනේ සුදු කොල ඔතලා ගද්දි මරුවක්

හැම තැනකම වැරදිච්ච මට ආයෙ වරද්දන්න බෑ
එපා කියපු තැන දුක හිතුනට ආයෙ වරක් ඕනේ නෑ
අම්මා තාත්තා ඇති මට දාලා ගියා උන් ආයේ ඕනේ නෑ
මට ලොකුවනම් මට මොකටද මම ගනන් ගන්නෙත් නෑ

උබ ගෝස්ති පිටින් සැප දැම්මට මම සැප දැම්මේ තනියෙන්
හොදට හිතලා ගේමක් ගාලා ගැලවුණේ මම පැනියෙන්
මේ වදන් හිටි හැටියේ ගැහෙද්දි කිටි කිටියේ
අතට ගන්නෙපා කවදාවත් ගැලවිල්ලක් නැහැ තැටියෙන්

සැප දැම්මට් හිත කොනකවත් තිබිලා ණෑ මගේ කාමේ
සුදු කොලේ භාවිතය නිස ඇග පුරා තියනවා සාමෙ
විදවපු කාලේ ඉවරයි දැන් එලබෙන්නේ මල් වාරේ
වද්දගන්න ආස මල් ටික පොඩ්ඩක් එළිය වැටෙන යාමේ

Lucifer tinner වදන් සුවදයි සැරයි
Deliver ear හරහා ගමන් කරයි
සතුටයි දුකයි මෙ මට එක සමයි
තනුවයි පදයි බොලව කුල්මත් කරයි

When i get on to a building you should stand up and snap back
Im back respect to srilankan හෙල රැප්
You may clap
වදන් ගලයි ඇරිය වගේ tap
Hey aj leon gimme summa freaking trippy trap niggah

Shout out wk shaniya in ma building
Heyy kollo y do u feel so mucha guilty
Oh my god අමතක නෑ gem city lunatics
Thira තමා ගුරා මොකටද වෙන politics

Quality වදන් රස ගොඩයි වගෙ නෙල්ලි
ගමන් sure අනිවාරෙන් මගෙ පස්සෙන් එල්ලි
එකි මෙකි නොකී වටේම කල්ලි
එහෙනම් අපි කැපුනා ජය වේවා මල්ලි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply