මා වෙනුවෙන්ම නූපන් කුමාරී | Ma Wenuwenma Nupan Kumari by Priya Suriyasena

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
මට නොකියා ඇයි මල් පිපෙන්නේ
ඒ මල් නැතිලූ මට උරුම වෙන්නේ
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ
මට වැළපෙන්න රෑ හුදෙකලාවේ
සුදු කමලත් සුගන්දේ දෙවාවී

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
හිත ඇත තාම කදුලැල් මහෝගේ
අන්සතු වස්තුවක් ගා බැදෙන්නෙ
හිත මෙතරම්ම කීකරු ද මාගේ
මේ මිනිසත් බවින් මා ලැබූ ඒ
අසරණ වෙන්න වරමක් නොවේදෝ

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *