in Milton Mallawarachchi

මදු මල ලෙස | Madu Mala Lesa by Milton Mallawarachchi

මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි..

මදු මල ලෙස මාගේ මෘදු ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රජිනියේ එදා වගේ අදත්

ඔබට තවම මම ආදරෙයි..

banner

Leave a Reply