Maha Wessak Bimata Hala / මහ වැස්සක් බිමට හලා – Sunil Edirisinghe

Sinhala song lyrics with music notes illustration

මහ වැස්සක් බිමට හලා… නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා… හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා… කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විරසක සුසුම් මහගෙයි පුරා… ඇසෙන්නේ…
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ…

මහ වැස්සක් බිමට හලා…. නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා… හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා…කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ…

මහ වැස්සක් බිමට හලා… නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා… හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා… කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply