මං මාරයි 2 | Man Maarai 2 by Kelwiz [2021]

Sinhala song lyrics with music notes illustration

අඩේ මං මාරයි හැබැයි දැන් මං වෙනස්
මට තිබ්බේ නෑ අනාගතයක් බලන්න දිවැස්
හැබැයි වෙනස් උනේ මම සමාජෙන් වෙලා දුරස්
දැන් හැමෝම කියන්නේ මං ගැන බොරු ගුණක්

මගේ හීන මං අතට ගන්නකන් කවදාවත්
නවතින්නෑ මං මෙගමන විගමන පාගනන එකෙක්වත්
ගනන් ගන්නෑ මං මීටරෙන් බලං ඉන්නේ හැමදේම
දැනන් ගියේ මගේ පාරේ තිබ්බේ නෑ දෙයියන්ට මං බාරේ
මේක මගේ වාරේ ගන්නම් උබේ සාරේ වටිනවා කාලේ බොරු මේ ආලේ කරේ නෑ මාලේ

බොරුවෙන් ඇලවිලා ගැලවෙන්නෑ මුදලෙන් සමාජේ
අහපන් උබ කව්ද උබම තමාගෙන්
වස්ත්‍රෙන් මයින්නේ මිනිස්සුන්ව රටාවෙන්
හමතැනකින්ම අහෙන්නේ දුක් විලාපේ

අදුරගන්න බෑ හිනාවෙන් මිනිස්සු තාමත් හිතේ හිස් තැන් පිලිස්සනු
මේ සමාජේ වෙලා දැන් බිහිසුණු හීන මත්තේ ඉන්නේ වෙලා සිහිසුන්
අපි කව්රුත් නෑ තාමත් පිරිපුන් හැබැයි හැම තැනකම කුහකුන්
ලග ඉන්න එකාටත් වහදුන් බොරුවෙන් දිව්වොත් වෙන්නේ බං සුන්බුන්

දැනන් ගියේ මං ගමනේ කාගෙන කටුවැල්
ආවේ මං දෙපයේ වාරුවෙන් දුරගව්
වැන්දේ නෑ කාටත් මං වෙන්න තරුවක්
තනිවෙලා හිතුවේ එක වරුවක්
වෙස්වලාගෙන ආවා මරුවත්
නැගිට්ටේ මං වගේ අකුණක්
කව්රුත් දුන්නෑ බං මට ලකුණක්
බෙදපු හැන්දෙන් බෙදුවේ නෑ කව්රුවත්

සලකන්නේ ගොඩක් තිබ්බොත් සල්ලි
නැති දාට ලග කව්රුත් ඉල්ලේ
අයින් කරගනින් එල්ලෙන පිල්ලි
තමාට තමා විතරයිනේ මල්ලි
හිටියට වට කරන් කල්ලි
නැති වෙද්දි බොට අල්ලයිනේ ජල්ලි
යාලුවෝ කව්ද මාළුවෝ කව්ද වාසි
පැත්තට එද්දි දන්නෝ දනිති

නිදියන්න දුන්නෑ හීන ඔලුවේ
පාරුව පැද්දේ මං තනියම ඒ
බැලුවේ නෑ ගැඹුරක් මං මුහුදේ
නැග්ගේ මං පඩි මගේ වාරුවෙන් ඒයි

කාසි සද්දෙට ලං උන ගොඩක් උන් හිතුවේ නෑ සද්ද නෑ කියලා
නෝට්ටුවේ
මඩ වගුරෙන් ආවට බලපන් ලස්සන කොච්චරද නෙළුම් පොහොට්ටුවේ

මං වෙනස් කරේ මගෙම දෛවය
ශක්තියක් උනේ මට තිබ්බ මගේ වෛරය
ගොඩක් පිංකම් කරන්නේ තියන් බොරු මහිමයක්
මං වෙනස් මට තියෙන්නේ අමුතු ශෛලයක්

එකේ කිව්වා වගේ මං තනි සිංහයා
මගෙම කතාවේ මමමයි දුශ්ටයා
හිතේ තියන් විදෙව්වේ නෑ මං ප්‍රශ්නයක්
හැමෝටම ලැබෙන්නේ එක වාරයක්

අදුරගන්න බෑ හිනාවෙන් මිනිස්සු තාමත් හිතේ හිස් තැන් පිලිස්සනු
මේ සමාජේ වෙලා දැන් බිහිසුණු හීන මත්තේ ඉන්නේ වෙලා සිහිසුන්
අපි කව්රුත් නෑ තාමත් පිරිපුන් හැබැයි හැම තැනකම කුහකුන්
ලග ඉන්න එකාටත් වහදුන් බොරුවෙන් දිව්වොත් වෙන්නේ බං සුන්බුන්

ආශ්‍රේ කරන්නැ මමනම් වැඩේට
වටවෙන්නේ ගෝස්තිය කොල්ලෝ උබේ කැටේට
දැනන් යන මේ මාවතේ මාව නවත්තන් බැ බොලාගේ බොරු බලේට
කවදාවත් ගියේ නෑ මං තැනක් ගන්න බලං ලොකු උන්ටනම් කඩේට
වැරැද්දක් නැත්තම් කවදාවත් නවන්නනං දෙන්නෑ මගේ හිස ඔය එකෙක්ට

හම්බුනාට සම්බන්ධ ජීවිතේ මගදී ඇත්තටම ආදරේ අම්මා විතරයි
කව්රුත් කෙලවලා ගියපු දවසට හිතේවි උබට දැන් මට මං විතරයි
බොරු දේවල් වලට රැවටිලා කාලේ සමහරුන්ගේ දැන් ජීවිත ඉවරයි
පරක්කු නෑ අපි හදාගත්තොත් හදාගන්නේ අපෙම දැන් ජීවිත ගමනයි

කෑවා කටු නැති නිසා සල්ලි අම්බානට
දැන්නම් හැදිලා ඉන්නෙ මෙ මං ගානට
බොරුවෙන් ඉන්න උන් එපා මගේ දානෙට
වෙලාවට දක්කන්නම් මං ගොනාව ගාලට

ඇත්ත තේරුම් අරං ජීවත් වෙන්නේ මං සමාජේ බොරුව නෑ මගේ ලග
ඇති උන් නැති උන්ට සලකන විදියෙන් තේරෙයි මනස්වල තරම
පස්සෙන් එන්නේ කර්ම කරපන් දැනගෙන තරම
මොකටද පාට භේද වර්ණ වැඩි වෙලා මොඩකම් නිසා මරණ

වැටෙද්දි හිතුවේ මං ජීවිතේ පරාදයි
මම මගේ පාරේ දිනලා දැන් හමාරයි
වෙයිද වැදගත් මනුස්සයෙක් දැම්මොත් ටයි
තමාගෙ දිස්නය තමාගෙම ලගමයි

නැතිකම ලග අසරණ උන වාර අනන්තයි මං
තනියම වින්දා මං ගින්දර හිටියට
හැමදාමත් කවදාවත් දැක්කේ නෑ සතුටක් යටින්
දුකක් පෙන්නුවේ නෑ කාටවත් ජිවිතේට මං පිටින්

කව්රුත් පිලිගත්තේ නෑ කියන දෙයක් මගේ හීන
කවදාවත් වැටුන්නෑ මං තනියම හෙව්වේ පාර
දාගෙන කර මාල විස ගහන ජීවිතේ නං දුක තාම
සතුටින පතන ගොඩක් දේවල් හම්බෙන්නෑ ආවට

වෙනස්වෙන්නේ මිනිස්සු ඇස් පිල්ලම් ගහන වේගෙන්
වලේ ඉන්න එකෙක්ට මිනිස්සු අත දෙන්නෑ බේරෙන්න
තේරුම් ගන්න ගොඩක් අයට බැරි ප්‍රශ්නේ මේක
විසදන්න බැරි තැන්වල පැටලිලා ඉන්නේ අපි

දැනගෙන පලයන් ගමනේ වැටෙන්නෙපා කවදාවත්
වෙනස්වෙලා දැං මං ඉන්නේ හිත වෙනස් කරන්
තනියම පැත්තකට වෙලා ඇඩුවා මාං
මගේ දුක අහන්න කව්රුත් හිටියේ නැ බං

කාලෙත් එක්ක උනා මට ගොඩක් වෙනස් වෙන්න
මම මාවම පාරලා හෙව්වේ ඇතුලේ ඉන්න මාව
හැමදේකටම ලගින් හිටියේ ආදර මම
මම හැමදේම සතුටට පෙරලුවේ දුක ගාව

කව්රුත් වැටෙන්නෙපා හිතින් හිතන්න කව්ද
කව්රු උනත් කමක් නෑ පලයන් කාගෙන දුර ගව්ව
දවසක් උබටම සතුටු හිතේවී දුරකින්
නවතින්න එපා උබ එක පැරදීමකින්……

Kelwiz ( The Unstoppable Beast )

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply