හීන සක්වළ | Heena Sakwala by Ramesses Reezy [2021]

Sinhala song lyrics with music notes illustration

හීන ලොවක් මවාගෙන හිටියම හරිද ?
වෙන උන්ගේ රටාවන්ට මම පලිද ?
පොඩි ළමයි බිත්ති ගානේ ඇන්දේ බලිද ?
වෙනස් උනොතින් කෝණේ ලොව දකින ?
වෙන කතා වැඩක් නෑ “මම හරිද ?”
ඒකයි එකම පැනය මට වටින
යුතුකම් නිසා ඇත ගුණ රකින
පරම්පරාවක් ඕනි දුර දකින
ගලා යමි ගල් පර අතර මැදින්
ජීවය මා හට පොවයි හැගීම්
ඇයි රිදවන්නෙ මෙතරම් බැදීම් ?
දෝරේ ගලා යාවී මා තුල හැගීම් !
හයියක් වුනා ජීවිතේ වෙච්ච වැටීම් !
මං නතර වෙන්නේ උසම තැනින් !
මං නතර වෙන්නේ හරිම තැනින් !
දැක්කා මිනිස්සු වෙනස් වෙන හැටිත්
තම හිසට තම අත බැවින්
ගත්තා පාලනය අතට මා සැනින්
හඹා යමි හීන සක්වළ මැදින්
දකිමි ලොව විදාගෙන ඇස
මගේ පිටු කලා මම හැඩ
පිට ගියා මා රාමුවෙන් පැන
තාම මතකයි පටන් ගත්තු තැන
කෙල්ලේ මා තුළ රාගයත් ඇත
ආලයටත් ඉඩදිය හැක
මට ඔබව භාවය මැද ,
රාගිනි තුල පාකල හැක
අත දීපු කාවත් නෑ අමතක
ප්‍රශ්න මැද බෑ වෙලා කලබල
මං ගියා සොයන් හදවත
සටන් කරන්නෙ නෑ මං බොරු බරකට
දුර ඉගිළි ගියා තරමට
සැඩ සුළං කපා කළඹන
මුන් යට වෙලා බලයට
මේ වදන් දාගනින් හරයට
නොපෙනෙන මානෙන් පා කරවයි
වෙච්ච හැමදේම යා කරවයි
අම්මා ඇවිත් හිද මා සනසයි
වැරදි පාරකින් මා නවතයි
හැදුනේ මගේ වටේ බලලයි
අදුර ගත්තේ මගේ තරමයි
හිතේ බය සැක දැම්මේ වලටයි
විශ්වාස මට විශ්වයේ දහමයි !

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply