මං සොයා | Man Soya by Hesara Bandara [2021]

සිතක් නම් ආවේ මං සොයා
මග කිවේ අපමයි එදා
සුවක් ඇයි නාවේ මෙදා
මත්වී ලං ලං වේදෝ

කියා මා හා දුර ගියා
මා නෑ නැවතිලා
මා වීදෝ මංමුලා
කම් නෑ කී කතා දසතේ රැව්දෙනා
සිතුවත් අප කෙලෙසිනා
වෙන්නේ කළ දේ අපි එදා…

සතත බොදෙන පිරිවරාගෙන යන මෙකල
දකිනෙ ඇස මනරම් රූ සොභා
යන්නේ කොහෙද වින්දේ මොනාද තරමක් දුර තිබුනේ
සැප වින්දේ කිසිවිටකදීත්‍ පසු නොබා

හිත විඳ නොවිඳ කරන ආලේ මට සිත තරවටු
හිතවත්තු ගැන්නුවා මට බෝ ඒත්තු
නෑ හේතුවට වෙන්නේ මං මාතෘ
කතාව ලියන කාතෘ එක්ක වෙන්නේ මම විටකදි මිතුරු

හතුරු කතුරු ගැලෙව්ව මගේ පතුරු
තරහක් නන් නෑ සිත පිවිතුරු වෙන්නැ මං නපුරු
දෙන්නෑ ගිනි අඟුරු ලැබුවත් මට සිකුරු
වයන්නේ හේසර නාදේ වදයක් නෑ වගෙ සමහරු

ඇති නැති පරතරේ මාරු වෙන්නේ නිරන්තරේ
බිරුවට බල්ලො පාරෙ ඇසක්වත් මගෙ නන් නෑරෙ
තුන්සිංහලයේ මේ හාලෙ කාල පන්සලේම හීලේ
කරපු පව් මෙදා රැගෙන යයි එදා කීවේ බුදුන් පහදා…

විතක් වේ නම් ඒ සුව දෙනා නිර්වානේ ඇත අප අසා
එනමුත් දන්නා දනා සිටියේ කොහෙදෝ මට කියන්
එනමුත් නොම අසන් ඇතැමෙක් දුටු සැනින්
මනසින් අපි වෙනස්
මැද ඉඳලා බලන් සම සිතින් විඳ දරන්
නැතිනම් දිගු කලක්
විඳමින් විඳවපන්

මං සොයා යන මාවතේ එක්ව යං
මාවතේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *