මැරිලා ඉපදුනා | Marila Ipaduna by Smokio [2024]

Sinhala song lyrics with music notes illustration

මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න…//

“Smokio”ආවේ නවත්තන්න නැලවිල්ල

විස දුම පැතිරෙද්දි ලේසි වෙන්නෑ ගැලවිල්ල 
ගැහුවා ගැලපිල්ල බලපන් කරපු කලබිල්ල 
කොණක ඉදන් වල් ගලවන් එද්දි උබටහැදෙයි කැරකිල්ල 
මගෙ නෑ රැවටිල්ල කවදත් ගත්ත ඇත්ත පැත්තම
කිව්වත් නැතත් කවුරුත් තේරුම් ගත්තා ඇත්ත නැත්ත මං
තාමත් අහසෙ ඉන්නෙ බිමට එන්නෑ දිනෙක මැරෙන කම්
අම්මගෙ නාමෙන් මන් ගේම ගහනවා සල්ලි රහ දිවට වැටෙනකන්

ඉලක්කන් 8ක් 9ක් 
නිතර නිතර ගිනුමට වැටෙනකන් 
මං බලන් ඉන්නෑ හද මගෙ මිදුලට වැටෙනකන් 
හිටියෙ නැත්තන් ඒකයි මං හිටියෙ නැත්තේඑකයි පිනට ලැබෙනකන් 
පිටියට බැස්සෙ ඒකයි මං තිබ්බෙ පලවෙනි පියවර ඇස් දෙක වහන්

රෑ වෙනකන් ලිව්වා මං ලිව්වා රෑ එලිවෙනකන් 
නෑ වෙන නම් මන් තරම්ම දිව්ව එකෙක් පෙන්නපන්
හැප්පෙන්න නම් බලන් ඉන්නෙ එකෙක් එනකන් 
Smoka වන් එකෙක් ඉපදුන්නෑ එතෙක් මෙතෙක් කල්

මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න…//

මං ගේන්නෙ බීශනේ මාව ප්‍රභාකරන් එව්ව වගේ
කවුද කින්ද නැ නාලාගිරිට රා පෙව්ව වගේ 
කණාමැදිරි එලි මැද මං ගිනිපෙනෙල්ලක් වගේ
උබ දැම්මොත් සෙල්ලම් උබෙ බෙල්ලත් අතේ කෙල්ලත් මගේ 
සෙල්ලමේ කිරුලු පලදිලන්නයි උපන්නෙ ලංකාවේ

අවසානේ ඉදන් මුලට නෙමෙයි මුල ඉදන් මං ආවේ
මං ගන්නවමයි දෙයක් ලැබුන අවස්තාවෙන් 
පන්නරයක් මිස තැවීමක් නෑ වැරදුන වතාවෙන් 
රටාව තාමත් ඉදා අලුත් නැ මං පිටපත් ගහන්නෙ 
කතාවයි හිනාවයි නෙමෙයි මිම්ම හිතවත් කමෙ 
වටෙ ඉතා කුඩා මිත්‍රයෝ හැලෙනව දිනයක් ගානේ 
මගෙ නොවන ඉත්තො කැපෙනවා නිදහස් ආරෙන්

ආසයි ලේ වස්සන්න කිනිස්ස දිය බස්නා මෙන්
පෙන්වයි මගෙ නැග්ම උබෙ බැස්මයි ප්‍රස්තාරෙන් 
බය නැත්තන් ඇයි හද ගැස්සෙයි වගේ ඝන්ටාරේ 
මැරුනත් වරක් අනාවැකි අනුව 

මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න…///

written by Kevin Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply