රාගිනියේ | Raginiye by SKIRO x Tikx Kooda [2024]

Sinhala song lyrics with music notes illustration

විසෙ මේ කෙල්ලට හොදටම දැන්නම් ආයේ වදේ
ගැස්සෙන්නේ ඉගසුග නටන්නේ දෑස් මානෙ මගේ
කරකවලා දෑස වශි කලා කොල්ලො රෑන ගාව මගේ
ඉගිලෙයි කාරිය කරන් සැනින් ඒකයි තාලේ මගේ

ආලෙ ගී ලගදී හිත පහල උනා
මගෙ වී ලගදී ඒකි කෝල උනා
හැම රෑ නටයි ඈ මනලෝල වුනා
මගදී මට හැරි යන්න කාලෙ උනා //

අඩවන් වූ දෑස මවයි කාම රටා
වැඩි වුන හදගැස්ම කියයි නොකී කතා
රාගි දෙනෙත් වලින් ලය මත සැනසෙන නුඹ කාම දෙවගනක්
මගෙ හිත කලඹනා

පිටකවරෙට වඩා වෙනස් ඇතුලේ
කවුරුත් නොදැකපු නුඹේ පැත්ත මමයි දුටුවේ
තාලෙට පැද්දෙන රනහසුන් දුටු මගෙ හිත කිව්වේ
කොහොමත් මගෙ ලග අසංවර කෙනෙක් පැතුවේ

බිම දනගසා මගෙ දෑස දෙස බලා
අයදීවි අවසර පිට වෙන්න රාමු කඩා
කෙහෙරැල්ලත් ගැටගසන් සැරසෙන හැටියට
නවතින්නේ නැති පාටයි අවසර දුන්නේ නැතත්

කෙල්ලේ අපි අපෙ වෙමු අද කාටත් හොරා
රාගි ඇසිපිය කියයි තව තවත් ඕනා
මල් පෙති මැද නුඹෙ හිර වෙලා රනහසුන් එක්ක
ගෙවන්නම් මේ රැයේ ඕන තරම් හෝරා

ආලෙ ගී ලගදී හිත පහල උනා…

written by DULA BOI & TIKX KOODA

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply