Mashup 2020 by Dushyanth Weeraman [2020]

Sinhala song lyrics with music notes illustration

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාගෙන
අදුරෙම මම ඉන්නම්

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
නුඹ අඩ සදකි

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
මට මල් දමකි

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
නුඹ අඩ සදකි

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ
මට මල් දමකි

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි

‍රැගුමන් අහවර වී
ඔබ මා ලග
රැගුමක් රගන තුරා

මේ මල් රාත්‍රිය
බලා හිදී මග
ඔබ ලග ගෙවෙන තුරා

අරලිය මත මගේ
හිත නැවතී ඇත
මා ගත කිති කැවිලා

නාබිය අද්දර
කරකැවුනා හිත
ඒ වී හද නැතුවා

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply