මාස්ටර් | Master – A Tribute to Maestro Premasiri Kemadasa (Cover) – WAYO Brick House Sessions by WAYO [2019]

Sinhala song lyrics with music notes illustration

ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

ඒ මොහොතෙම
එක හුස්මට
උපදිනවා
ගිනි රස්නය
සීතලෙන්ම

හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත් උනු හිරු පායන්නට
රත් උනු හිරු පායන්නට

උදුම්බරා හිනැහෙනවා
හිර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුලු වැහිවැහැලා
ගිනි ගෙන රත් උනු දවසක්
සැනසෙන එක හැන්දෑවක

මුහුදු කොනේ
සුදු වැල්ලේ
ඉර හැංහෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා
හිර අදුරට හැංගෙනවා

හිමින් සැරේ
පියා විදා
හිමින් සැරේ
පියා විදා
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් විහගුන්
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්

මලක් නම් එය
මලක් වුව මැන
සිනිදු සුකුමල
මුවින් සරසන
විලක් නම් එ‍ය
විලක් වුව මැන
නීල ඉදුවර
ලෙයෙන් උපදින

හිමින් සැරේ
පියා විදා
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියතුන්
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්

හිමින් සැරේ
පියා විදා

 

 

 

 

 

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply